තමන් ජාතිය වෙනුවෙන් තම වයසෙන් වසර 25ක් කැපකොට ඇති බව ගලගොඩඅත්තේ ඥානසාර හිමි පවසති.
තමන් එම කාලය තුළ තමන්ගේ පුද්ගලික කාරණයක් වෙනුවෙන් පෙනී නොසිටි අතර සියළු කැප කිරීම් රට වෙනුවෙන් සිදුකල බව උන් වහන්සේ පවසයි. මෙම කාලය තුල තමන්ට අධිකරණයේ නඩු විසි ගනනක් පවතින අතර ඒ් සඳහා මුදල් අවශ්‍ය බව පසසති. තමන්ට කිසිම දෙයක් සමාජ ගත කිරීමට වර්ථමානය වනවිට නොහැකි ලෙස ඉඩ කඩ අසුර ඇති බවද උන්වහන්සේ පවසති
මේ හේතුව නිසා තමන් ජාතික පින් කැටයක් ආරම්භ කරන අතර හැකි සෑම දෙනෙක්ම ඒ් සඳහා රුපියල් 100ක හෝ ප්‍රදානයක් සිදුකරන ලෙස උන් වහන්සේ අද (24) මාධ්‍ය හමුවක් කැඳවමින් මේ බව ප්‍රකාශකර සිටියහ.
ඉන්ද්‍රමූර්ති ජයසූරිය