ඥානසාර හිමියන්ට පිටතින් ආහාර ලබාදෙන ලෙස ඉල්ලීීීීමක්
වැලිකඩ බන්ධනාගාරයේ වැඩ සිටින බොදුබල සේනා සංවිධානයේ මහලේකම් ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට ශල්‍යකර්මයක් සිදුකර තිබෙන බැවින් සහ උන්වහන්සේගේ ජීවිතය ආරක්ෂා කරගැනීම සඳහා පිටතින් ආහාර ලබාදීමට අවස්ථාව ලබාදෙන මෙන් බොදුබල සේනා සංවිධානය බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයාගෙන් ඊයේ (01දා) ලිඛිතව ඉල්ලීමක් කළේය.
ඉතා දීර්ඝ කාලයක් රටත්,සම්බුද්ධ ශාසනයත්,ජාතියත් වෙනුවෙන් කැපකිරීම් රාශියක් කළ බැවින් සතුරු බලවේග ගණනාවකගේ තර්ජනයට ලක්ව තිබෙන ඥානසාර හිමියන්ඝාතනය කිරීමට මීට පෙර අවස්ථා ගණනාවකදී විවිධ පාර්ශ්ව දැරූ උත්සාහයන් සම්බන්ධයෙන් පොලිස් මූලස්ථානයට පැමිණිලි කර තිබෙන බවදඑම සංවිධානය බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයාට පෙන්වා දී තිබේ.
ක්‍රිස්තියානි මූලධර්මවාදීකණ්ඩායම් 450ක්,සංක්‍රමණික ඉස්ලාමීය වහබ්වාදී කණ්ඩායම්,රාජ්‍ය නොවන සංවිධාන සහ විවිධ දේශපාලන කණ්ඩායම්වලින් උන්වහන්සේට තර්ජන එල්ලවී තිබෙන බවද බොදුබල සේනා සංවිධානය සඳහන් කරයි.
ඥානසාර හිමියන්ගේ ජීවිතය ආරක්ෂා කර දෙන්නැයි බොදුබල සේනා සංවිධානයේ ඉල්ලීමභාරදීමේ අවස්ථාවට එම සංවිධානයේ හිමිවරු,නිලධාරීහු හා හිටපු අමාත්‍ය මර්වින් සිල්වා මහතාද එක්වූහ.
මේ සම්බන්ධව කළ විමසීමකදී බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක බන්ධගාර කොමසාරිස් තුෂාර උපුල්දෙණිය මහතා සඳහන් කළේ අධිකරණයක් මඟින් වරදරකරු කර බන්ධනාගාර ගත කර සිටින සිරකරුවෙකුට පිටතින් ආහාර ගෙන ඒමට අවස්ථාව ලබා දිය නොහැකි බවයි.

popular news
-
hari Tuesday, 02 October 2018 12:11 PM
හරක් මස් කුකුල් මස් නැතිව ඇති
Reply : 1 16
Champa Tuesday, 02 October 2018 03:31 PM
ඇයි මේ ඉල්ලීමට ඉඩ දෙන්න බැරි විශේෂ අවස්ථාවක් ලෙස සලකල? හාමුදුරුවන්ට හුගක් තර්ජන තියෙනව බව ලංකාවම දන්නවා. හිර ගේ ඇතුලේ ඉන්න භයානක අපරාධකාරයන්ට ජංගම දුරකථන පාවිච්චි කරන්න ඉඩ දුන්නේ එහෙනම්? එවුන්ට ගේන කුඩුත් ඇතුලට ගෙනියන්න දෙනවා. ඥානසාර හාමුදුරුවන්ට දානේ ටිකක් ගෙනියන්න ඉඩ දෙන්න බැරි මොකොද?
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

