ඥානසාර හිමිට ජනපති සමාව ලැබීමට නියමිතයි
පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමිට ඉදිරියේදී ජනාධිපති සමාව ලැබීමට නියමිත බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මධ්‍යම කාරක සභික පාර්ලිමේන්තු මන්ත්‍රී ශාන්ත බණ්ඩාර මහතා සඳහන් කළේය.
සිරගතව සිටින පූජ්‍ය ගලගොඩඅත්තේ නාහිමිව නිදහස් කරන ලෙස මහා සංඝරත්නය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගෙන් ඉල්ලීමක් කර තිබෙන බවත්, ඒ පිළිබඳ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ අවධානය යොමුව තිබෙන බවත් අද (24දා) පැවැති මාධ්‍ය සාකච්ඡාවකදී හෙතෙම සඳහන් කළේය.
මීට අමතරව ශ්‍රී ලංකා නිදහස් පක්ෂ තරුණ පෙරමුණද මෙම ඉල්ලීම සිදුකර තිබෙන බව මන්ත්‍රීවරයා පවසා සිටියේය. පෙබරවාරි 04 වැනිදා හෝ ආසන්න දිනයකදී මෙය සිදුවීමට බොහෝ දුරට ඉඩ තිබෙන බවද ඔහු සඳහන් කළේය.

popular news
-
Deepal Nirosh Friday, 25 January 2019 11:48 AM
ඒ කිව්වෙ ඊළඟ ඡනදයට පෙරත් “අළුත්ගමක්“ උදා කරනවද?
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

