ජොනී, නාමල්, මහින්දානන්ද, රෝහිත, පවිත්‍රා ඇතුළු පිරිසකට ඇමතිධුර දෙන්නැයි බැසිල් ජනපතිගෙන් ඉල්ලයි
නව කැබිනට් මණ්ඩලය පත්කිරීම තවදුරටත් කල්යනු ඇති බවට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණතුළ මේ වනවිට විශ්වාසයක් හටගෙන ඇතැයි එම පෙරමුණේ ප්‍රකාශකයෙකු 'අද' ට පැවසීය.
ඔහු පෙන්වා දුන්නේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙහි දිස්ත්‍රික් නායකයන් ඇතුළු පිරිසකට කැබිනට් අමාත්‍ය ධුර ලබාගැනීම සඳහා පක්ෂයේ ජාතික සංවිධායක බැසිල් රාජපක්ෂ මහතාගේ ඉල්ලීමට ජනාධිපතිවරයාගේ අනුමැතිය ලබාදීම තාවකාලිකව කල්දමා ඇති බවයි.
එසේම සමගිජන බලවේගය හා ඒ හා සම්බන්ධ මන්ත්‍රීවරුන්ගෙන් මතුව ඇති විරෝධතාව මීට හේතුවී ඇති බව පෙන්වා දුන් එම ප්‍රකාශකයා ඒ සඳහා යම් විසඳුමක් ලබාගැනීමට ජනාධිපතිවරයා කටයුතු කරනු ඇති බවට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු අභ්‍යන්තරය විශ්වාස කරන බවද පවසා සිටියේය.
ජොන්ස්ටන් ප්‍රනාන්දු, නාමල් රාජපක්ෂ, මහින්දානන්ද අලුත්ගමගේ, රෝහිත අබේගුණවර්ධන, පවිත්‍රාදේවි වන්නිආරච්චි ඇතුළු ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙහි පාර්ලිමේන්තු මන්ත්‍රීන් පිරිසකට, පත් කිරීමට නියමිත නව කැබිනට් මන්ඩලයේ අමාත්‍ය ධුර ලබාදෙන ලෙසට බැසිල් රාජපක්ෂ මහතා විසින් ජනාධිපතිවරයාගෙන් ඉල්ලා ඇති අතර, ඊට සමගි ජන බලවේගය හා ඒ හා එක්ව කටයුතු කරන මන්ත්‍රීවරුන් පිරිසක් විරෝධය පළ කර තිබිණි.
popular news
-
Eva Monday, 15 August 2022 08:26 AM
What the hell is basil still doing in parliament giving orders to Ranil to appoint these people as ministers he has no shame to be even seen in parliament
Reply : 0 2
ජයන්ත පලිහක්කාර Monday, 15 August 2022 08:50 AM
ජනතාව 2020 දී රට පාලනය පවරා ඇත්තේ පොහොට්ටුවටයි.ජනාධිපති ධුරය හා ඇමති ධුර හිමි විය ඔවුන්ටයි.සර්ව පාක්ෂික ආණ්ඩුවක් ඇති කලොත් 2024 දක්වාම ඔවුන් කුලල් කා ගන්නවා නියතයි.
Reply : 0 0
Hmc herath Monday, 15 August 2022 09:04 AM
Rata budu saranai
Reply : 0 0
චතුරි Tuesday, 16 August 2022 12:07 PM
සිනී බබා රට හොරා කලා. නිඩැල්ලෙ ඉන්නෙ. ඇමරිකාවට යන්නත් බහැ නෙ. මුගෙ හොර ගැනිටයි. පින්ගුත්තුර් යින්ටයි. නැවත. වැඩ බාරදෙන්න. සිනී බබා
Reply : 0 0
Demuni Uduwara Tuesday, 16 August 2022 01:16 PM
They are the Cat's paws of Rajapaksas !
Reply : 0 0
Hubert Thursday, 18 August 2022 06:52 AM
This is absurd Kaputas are coming back to scavenge
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

