පාර්ලිමේන්තුවේ ආණ්ඩු පක්ෂය නියෝජනය කරමින් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් තිදෙනෙකු සහ විපක්ෂය නියෝජනය කරමින් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් දෙදෙනෙකු පාර්ලිමේන්තුවේ වඩාත්ම ක්‍රියාකාරී ලෙස වාර්තා වී ඇති ඉහළම මන්ත්‍රීවරුන් පස් දෙනා අතරට පත්ව තිබේ.
පාර්ලිමේන්තුවේ වඩාත්ම ක්‍රියාකාරී මන්ත්‍රීවරුන් පිළිබඳ පසුගිය පෙබරවාරි මාසය සඳහා manthri.lk විසින් කරන ලද සමීක්ෂණයකට මෙම මන්ත්‍රීවරුන් තෝරාගෙන තිබේ.
ඒ අනුව ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු, අධිකරණ අමාත්‍ය අලි සබ්රි සහ වෙළද අමාත්‍ය බන්දුල ගුණවර්ධ යන මහත්වරුන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කරමින් පළමු පහ අතරට තේරී පත්ව ඇත.
එමෙන්ම විපක්ෂය නියෝජනය කරමින් විපක්ෂයේ ප්‍රධාන සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් කිරිඇල්ල සහ ඉලංකෙයි තමිල් අරසු කච්චි පාර්ලිමේන්තු මන්ත්‍රී ෂානක්කියන් රාසමාණිකක්ම් යන මහත්වරුන් තේරීපත්ව තිබේ.
මෙහිදී පෙබරවාරි මාසයේ පාර්ලිමේන්තුවේ වඩාත්ම ක්‍රියාකාරී මන්ත්‍රීවරුන් අතර පළමු ස්ථානය ජොන්සටන් ප්‍රනාන්දු මහතාට හිමිව ඇති අතර, අලි සබ්රි, ලක්ෂ්මන් කිරිඇල්ල, බන්දුල ගුණවර්ධන සහ
ෂානක්කියන් රාසමාණිකක්ම් යන මන්ත්‍රීවරුන් පිළිවෙලින් 02,03, 04 සහ 05 යන ස්ථාන හිමිකරගෙන ඇත.