සතොස සේවකයින් සිය නිල රාජකාරී වලින් ඉවත් කොට දේශපාලන කටයුතු යෙදවීම තුළින් රජයට පාඩු කළ බවට හිටපු වෙළද අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු ඇතුළු තිදෙනෙකුට අධිචෝදනා භාර දුන් කොළඹ මහාධිකරණ විනිසුරු මංජුල තිලකරත්න මහතා ඔවුන් ඇප මත මුදා හැරීමට මුදාහැරීමට අද නියම කළේය.
2010 වසරේදි කළ බවට චෝදනා කරමින් පවරා ඇති මෙම නඩුව අධි චෝදනා පත්‍ර භාරදීමෙන් අනතුරුව රුපියල් 25,000 බැගින් වූ මුදල් හා රුපියල් ලක්ෂ 50 බැගින්වූ ඇපකරුවන් දෙදෙනකු ගේ ශරීර ඇප මත විත්තිකරුවන් තිදෙනා මුදාහැරීමට මහාධිකරණ විනිසුරුවරයා නියම කළේය.
අධි චෝදනා පත්‍ර භාරදීමෙන් අනතුරුව මෙලෙස ඇප මත මුදා හරින ලද්දේ හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු, සතොස ආයතනයේ හිටපු සභාපති එරාජ් ප්‍රනාන්දු සහ එහි හිටපු අධ්‍යක්ෂවරයෙකු වන මොහොමඩ් සාකීර් යන මහත්වරුන්ය.
2010 වසරේ ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා වෙළඳ අමාත්‍යවරයා වශයෙන් කටයුතු කළ අවධියේ සතොස ආයතනයේ සේවකයින් ඔවුන්ගේ නිල රාජකාරිවලින් ඉවත් කර එම ආයතන මගින් වැටුප් ගෙවමින් දේශපාලන කටයුතු වල යෙදවීම හරහා රජයට පාඩු කළ බවට චෝදනා කොට අල්ලස් පනතේ 70 වන වගන්තිය යටතේ අල්ලස් කොමිසම විත්තිකරුවන්ට එරෙහිව නඩු පවරා ඇත.
මීට පෙර අවස්ථාවක අදිකරනයෙ නිකුත් කළ සිතාසියට අනුව විත්තිකරුවන් අධිකරණය හමුවේ පෙනී සිටියහ.
විත්තිකරුවන්ට එරෙහි අධිචෝදනා පත්‍ර විවෘත අධිකරණයේ භාරදීමෙන් පසු ඉදිරිපත් වූ කරුණු සලකා බැලීමෙන් අනතුරුව විනිසුරුවරයා අදාළ නියෝග කළේය..
මෙම නඩුවට අමතරව වෙළඳ අමාත්‍යවරයා වශයෙන් කටයුතු කළ අවධියේ සතොස ආයතනයේ සේවකයින් ඔවුන්ගේ නිල රාජකාරිවලින් ඉවත් කර එම ආයතන මගින් වැටුප් ගෙවමින් දේශපාලන කටයුතු වල යෙදවීම හරහා රජයට පාඩු කළ බවට චෝදනා කොට අල්ලස් පනතේ 70 වන වගන්තිය යටතේ අල්ලස් කොමිසම මෙම විත්තිකරුවන් තිදෙනාට එරෙහිව මහාධිකරණය හමුවේ තවත් නඩු 05 ක් පවරා ඇත.