කොටුව මහේස්ත්‍රාත් අධිකරණය හමුවට අද පස්වරුවේ ඉදිරිපත් වූ හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා ඇප මත නිදහස් කිරීමට කොටුව මහේස්ත්රාත්වරය නියෝග කළේය.
මැයි 9 දා අරලිය ගහ මන්දිරය ඉදිරිපිට හා කොළඹ ගෝල් ෆේස් පිටියේ සිදුවූ ප්‍රචණ්ඩතා පිළිබඳව විභාග වන නඩුවකට පෙනී නොසීටීම හේතුවෙන් හිටපු අමාත්‍යවරා අත්අඩංගුවට ගැනීමට වරෙන්තු නිකුත් කෙරිණි.
කෙසේ වෙතත් අද පස්වරුවේ නීතිඥයින් මාර්ගයෙන් අධිකරණයට භාර වූ ඒ මහතා රුපියල් මිලියන 02ක් බැගින් වූ පුද්ගලික ඇප දෙකක් මත මුදාහැරින.
කෙසේ වෙතත් ඔහුට විදෙස් ගමන් තහනමක් පැනවූ අතර අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සදහන් කරන දිනයකට එහි පැමිණ ප්‍රකාශයක් දෙන ලෙසද නියෝග කළේය.