ජේ.සී. රංගා අත්අඩංගුවට
රිය අනතුරක් කොට ප්‍රභූ ආරක්ෂක අංශයට අනුයුක්තව රාජකාරී කළ පොලිස් සැරයන්වරයකුගේ මරණය සිදුකිරීම සම්බන්ධයෙනන් පවරා ඇති නඩු විභාගයට ඉදිරිපත් නොවු හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ජේ.ශ්රිරංගා මහතා දකුණු කොළඹ ශික්ෂණ රෝහලේදී කොහුවල පොලිසියේ නිලධාරීන් විසින් අද (17) අත්අඩංගුවට ගන්නා ලදී.
ජේ.ශ්රිරංගා මහතා වහාම අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස නියම කරමින් වවුනියාව (මන්නාරම) මහාධිකරණ විනිසුරු මොහොමඩ් මිහාල් මහතා නිකුත් කළ වරෙන්තුවකට අනුව කොහුවල පොලිසියේ නිලධාරීන් කණ්ඩායමක් විසින් මෙලෙස ඔහු අත්අඩංගුවට ගන්නා ලදී.
රෝගී තත්වයක් හේතූවෙන් දකුණු කොළඹ ශික්ෂණ රෝහලට ඇතුලත්ව ප්‍රතිකාර ගනිමින් සිටියදී පොලිසිය විසින් අත්අඩංගුවට ගන්නා ලද ජේ.ශ්රිරංගා මහතා අධධිකරණයට ඉදිරිපත් කිරීමට පියවර ගන්නා බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේය.
වවුනියාව සෙට්ටිකුලම ප්‍රදේශයේදී රිය අනතුරක් සිදුකොට පොලිස් සැරයන්වරයකුගේ මරණය සිදුකිරීම හා අසත්‍ය තොරතුරු ඉදිරිපත් කරමින් තොරතුරු වසන් කිරීම සම්බන්ධයෙන් චෝදනා ලැබ ජේ.ශ්රිරංගා මහතා නඩු විභාගයට ඉදිරිපත් නොවීම සහ නඩුවේ සාක්කිකරුවකු බියවද්දා ඔහුට තර්ජනය කළැයි කියමින් පොලිසිය ඉදිරිපත් කළ කරුණු සළකා බැලු විනිසුරුවරයා ඔහුට එරෙහිව වරෙන්තු නිකුත් කළේය.
2011 මාර්තු 30 වැනිදා වව්ුනියාව සෙට්ටිකුලම ප්‍රදේශයේදී රිය අනතුරක් සිදුකොට පොලිස් සැරයන්වරයකගේ මරණය සිදු කෙට සාවද්‍ය මනුෂ්‍ය ඝාතනයක් සිදුකිරීම හා අසත්‍ය තොරතුරු ඉදිරිපත් කරමින් තොරතුරු වසන් කිරීම සම්බන්ධයෙන් නීතිපතිවරය විසින් ජේ.ශ්‍රී රංගා මහතාට එරෙහිව වවුනියාව මහාධිකරණයේ නඩු පවරන ලදී.
මෙම නඩුවකට අදාලව සාක්ෂි ලබාදුන් දෙදෙනකුට විත්තිකාර ජේ.ශ්රිරංගා මහතා විසින් දුරකථන ඇමතුම් ලබාදී තර්ජනය කොට ඇති බවටත් පසුව සාක්ෂිකරුවන් වෑන් රථයක නංවා වෙනත් ස්ථානයකට රැගෙන ගොස් ඔවුන්ට බලපෑම් කළ බවටත් ලැබුණු තොරතුරකට අනුව පොලිස් විශේෂ විමර්ශන ඒකකයේ නිලධාරීන් අධිකරණයට දැනුම් දුන්හ.
ඒ අනුව ඔහු වහාම අතත්අඩංගුවට ගන්නා ලෙස නියයම කරමින් මහාධිකරණ විනිසුරුවරයා වරෙන්තු නිකුත් කළේය.
ඒ වන විට රෝගී තත්වයක් හේතූවෙන් දකුණු කොළඹ ශික්ෂණ රෝහලට ඇතුලත්ව ප්‍රතිකාර ගනිමින් සිටි ජේ.ශ්රිරංගා මහතා පොලිසිය විසින් අත්අඩංගුවට ගන්නා ලදී.
බුද්ධිමාල් රුබේරු
popular news
-
Dayan Saturday, 18 March 2023 01:47 AM
When there is warrants from courts accused are getting sick. When release getting cured instantly.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

