උද්ඝෝෂණ සිදුකර රට අරාජික නොකරන්නැයි ඉල්ලමින් අනුරාධපුර ජේතවනාරාමයේ හතරැස් කොටුවට නැගි පුද්ගලයෙක් විරෝධතාවයක් ආරම්භ කර තිබේ.
මෙලෙස විරෝධතාවේ නියැලෙනුයේ ජේතවනාරාම ව්‍යාපෘතියේම සේවයේ නියුතු මහින්ද කුමාර නැමැති පුද්ගලයෙකි.
ඔහු අද (16) උදෑසන සිට මෙම විරෝධතාව ආරම්භ කර තිබෙන අතර ඔහු සඳහන් කරනුයේ උද්ඝෝෂණ සහ විරෝධතා හරහා රට තවදුරටත් අර්බුදයකට ඇද දමන බවයි.
එමෙන්ම මෙම විරෝධතා නතරනොකරන්නේ නම් මහින්ද දැඩි පියවර ගන්නා බවත් පවසා තිබේ.
කෙසේ නමුත් පොලීසිය සහ ජේතවනාරාමහෙහි ස්වාමීන්වහන්සේ පැමිණ විරෝධතාකරුට එම ස්ථානයෙන් බහින ලෙස දැන්වුවත් ඔහු එය ප්‍රතික්ෂේප කරමින් විරෝධතාවෙහි නියැලෙන බවත් සඳහන්