ආගම් වලට අපහාස කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් තමන් අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලා දේවගැති ජෙරොම් ප්රනාන්දු විසින් ඉදිරිපත් කළ රිට් පෙත්සම විභාගයට නොගෙනම නිෂ්ප්රභ කරන්නැයි නීතිපතිවරයා සීමිත විරෝධතා මතු කරමින් අභියාචනාධිකරණයෙන් ඉල්ලා සිටියේය.
අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු නිශ්ශංක බන්දුල කරුණාරත්න සහ ඒ. මරික්කාර් යන මහත්වරුන්ගෙන් සමන්විත විනිසුරු මඩුල්ල ඉදිරියේ කැඳවනු ලැබු අවස්ථාවේදී එලෙස ඉල්ලා සිටියේය.
නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි ජේෂ්ඨ රජයේ නීතිඥ ෂමින්ද වික්රම මහතා කරුණු ඉදිරිපත් කරමින් පෙත්සමට අදාළව සීමිත විරෝධතා ඉදිරිපත් කර ඇතැයි කීය.
ඉදිරිපත්වු කරුණු සළකා බැලු විනිසුරු මඩුල්ල පෙත්සම සැප්තැම්බර් මස 21 වනදා කැඳවීවීමට නියම කළේය.