වැඩබලන ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානි ධුරයේ කටයුතු කළ ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා හෙට(01දා) සිට ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානි ධුරයට පත් කෙරේ.
ඊට අදාළ ලිපිය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් අද(31දා) කොළඹ, කොටුව ජනාධිපති මන්දිරයේ දී ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා වෙත භාරදෙනු ලැබිණ.
යුද හමුදාපති සහ වැඩබලන ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානි ලෙස කටයුතු කළ ශවේන්ද්‍ර සිල්වා මහතා අද (31දා) යුද හමුදාපති ධුරයෙන් ඉවත්ව යාමත් සමග ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානි ධුරයට පත් කර ඇත.
