සිංගප්පූරුව පදනම් කරගත් අඩු පිරිවැය ගුවන් සේවයක් වන ජෙට්ස්ටාර් ඒෂියා ගුවන් සේවාව ජූලි මස අවසානයේදී වසා දමන බවත් ඒ් හරහා බලපෑමට පත්වෙනු ගුවන් මගීන් වෙත සම්පූර්ණ මුදල් ආපසු ගෙවන බව සමාගම පවසයි.
සැපයුම්කරුවන්ගේ පිරිවැය ඉහළ යාම, ගුවන් තොටුපළ ගාස්තු ඉහළ යාම සහ කලාපයේ තරඟකාරිත්වය ඉහළ යාමත් මෙම තීරණය කර තිබේ. මෙම තීරණයත් සමගින් සේවකයින් 500 කට වැඩි පිරිසකට සිය රැකියාව අහිමි වෙනු ඇත.
Jetstar Asia වසා දැමුුවත්ඕස්ට්රේලියාව පදනම් කරගත් Jetstar Airways හි මෙහෙයුම් වලට හෝ ජපානය පදනම් කර ගත් Jetstar Japan හි මෙහෙයුම් වලට බලපෑමක් නොමැති බව එහි කොටස් හිමිකරු වන Qantas පවසයි.
ගුවන් සේවය ඉදිරි සති හත තුළ ක්රමයෙන් සිය මෙහෙයුම් අඩුකරනු ලබන අතර ජූලි 31දා ගුවන් සේවය සම්පූර්ණයෙන්ම සිය මෙහෙයුම් අවසන් කිරීමට නියමිතය.