අරලියගහ මන්දිරය පරිශ්රයට ඇතුළු වී කලහකාරි ලෙස හැසිරුණු කාන්තාවක් සහ පිරිමි පුද්ගලයකු අත්අඩංගුවට ගත් බව කොළඹ දකුණු කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශය පවසයි.
සැකකාරිය අත්අඩංගුවට ගෙන ඇත්තේ වත්තල හේකිත්ත ප්රදේශයේදී හා සැකකරු අත්අඩංගුවට ගෙන ඇත්තේ බොරලස්ගමුව ප්රදේශයේදීය.
ඉකුත් ජූලි මස 9 වැනි දින පිරිසක් සමග අරලියගහ මන්දිරය වෙත ඇතුළු වී දේපළවලට පහරදී හානි සිදුකිරීම සම්බන්ධයෙන් සිදුකළ විමර්ශනවලදී සැකකරු සහ සැකකාරිය අත්අඩංගුවට ගෙන තිබිණි.
සැකකරු බොරලස්ගමුව තල්ගස් වස්ත ප්රදේශයේ පදිංචි වයස අවුරුදු 44 ක පුද්ගලයකු වන අතර සැකකාරිය වයස අවුරුදු තිස් හතරක් වන වත්තල හේකිත්ත පදිංචිකාරියකි
කොළඹ දකුණ කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශය පරීක්ෂණ පවත්වයි.