පාරිභෝගිකයන් ඉන්ධනහල් තුළ ලියාපදිංචි කර සතිපතා කෝටා ක්‍රමයකට ඉන්ධන ලබාදීම ජුලි මස පළමු සතියේ සිට ක්‍රියාත්මක කිරීමට සිදුවන බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කාංචන විජේසේකර මහතා පවසයි.
මූල්‍ය තත්ත්වය ශක්තිමත් කිරීමටත්, විදුලිය හා ඉන්ධන සැපයුම ස්ථාවරව පවත්වාගෙන යාමටත් ඒ හැර වෙනත් විකල්පයක් නොමැති බවද අමාත්‍යවරයා කියයි.
ලංකා ඛණිජ තෙල් නීතිගත සංස්ථාව සතියකට අවශ්‍ය ඉන්ධන ගෙන්වා ගත්තත් ඇතැම් පාරිභෝගියන් මසකට පමණ ප්‍රමණයත් ඉන්ධන රැස්කර ඇති බවද ඔහු සිය ට්විටර් ගිණුමෙන් පවසයි.
පැය 24ක අඛණ්ඩ විදුලි සැපයුමක් වෙනුවෙන් ඇමෙරිකානු ඩොලර් මිලියන 100ක වැයක් සිසුවන බවත් ගෑස් වන හිඟතාව හේතුවෙන් විදුලිය හා භූමිතෙල් සඳහා වන ඉල්ලුම ඉහළ ගොස් ඇති බවත් ඔහු පැවැසීය. මිට මාස හතරකට පෙර මාසිකව ඩොලර් මිලියන 200ක් වූ ඉන්ධන ගෙන්වීමේ පිරිවැය මේ වන විට ඩොරල් මිලියන 550ක් බවට පත්ව ඇති බවත් ඔහු පවසයි.