මානව හිමිකම් කවුන්සලයේදී ශ්‍රීලංකාවේ විදේශ අමාත්‍ය ජී.එල්.පීරිස් මහතා විසින් සිදුකල ප්රකාශයන්ට එරෙහිව විරෝධය පාමින් ඊයේ (19දා) සවස යාපනයේ විරෝධතාවක් පැවැත්විණි.
යාපනය නල්ලූර් කයිලාස හින්දු කෝවිල ඉදිරිපිටදී යාපනයේ සිවිල් සංවිධාන නියෝජිතයින් පිරිසක් විසින් මෙලෙස විරෝධතාවය සංවිධානය කොට තිබූ අතර ඒ සඳහා දේශපාලන සිරකරුවන්ගේ ඥාතීන් , අතුරුදහන් වූවන්ගේ ඥාතීන් සහ සිවිල් සංවිධාන නියෝජිතයින් පිරිසක් සහභාගී වී සිටියහ.
විරෝධතාවයේ නිරත වූවන් එහිදී වැඩිදුරටත් පවසා සිටියේ,
‘විදේශ අමාත්‍යවරයා විසින් මානව හිමිකම් කවුන්සලයේදී උතුරේ අතුරුදහන් වූවන් සහ දේශපාලන සිරකරුවන් පිළිබඳ සිදුකල ප්‍රකාශයන් දඩි ලෙස හෙලා දකින අතරම එම ප්රකාශයන්ගෙන් උතුරේ ජනතාවට දැඩි අසාධාරණයක් සිදුවන බවටත්ය.
අනතුරුව විරෝධතා කරුවන් විසින් යාපනයේ පිහිටි එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කාර්යාලය ඉදිරිපිටදී විදේශ අමාත්‍ය .ජී.එල්. පීරිස් මහතාගේ අනුරුව සහිත වූ පඹයෙකුටද ගිනිතැබීමට පිවර ගනු ලුබූ අතර විදේශ අමාත්‍යවරයාගේ ප්රකාශයන්ට එරෙහිව දෙමළ ජනතාව පෙලගැසිය යුතු බවටද විරෝධතාකරුවන් වැඩිදුරටත් පැවසූහ.
විරෝධතාවය අවසානයේදී විරෝධතාකරුවන්ගේ ඉල්ලීම් ඇතුලත් සන්දේශයක් යාපනයේ එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කාර්යාලය භාරදීමටද පියවර ගන්නා ලදි.
