ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙහි සභාපති, මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා එම තනතුරෙන් ඉවත් කරන ලෙසට පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් නොවන පරිසක් මූලික වෙමින් එම පක්ෂයේ ජාතික සංවිධායක බැසිල් රාජපක්ෂ මහතාට බලපෑම් කරමින් සිටින බවට වාර්තා වේ.
ඒ අනුව ඊට පක්ෂයේ ලේකම්වරයෙකු, පරිසරය හා සම්බන්ධ ප්‍රධාන රාජ්‍ය ආයතනයක සභාපතිවරයෙකු හා ආණ්ඩුකාරවරයෙකුද ඇතුළත් බව සඳහන්ය.
මීට අමතරව මෙම පුද්ගලයන් තිදෙනා ධම්මික පෙරේරා මහතා පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයෙන් ඉල්ලා අස්වුවහොත් ඉන් පුරප්පාඩු වන මන්ත්‍රී ධුරය ලබාගැනීමට පසුගියදා ‘තරගයක නිරතවූවන්’ වන බවද සඳහන් වේ.
මේ අතර මේ පිළිබඳ ‘අද’ කළ විමසීමේදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙහි ප්‍රකාශකයෙකු සඳහන් කර සිටියේ මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා පක්ෂ සභාපතිත්වයෙන් ඉවත් කිරීම ඉදිරියේදී සිදුවනු ඇති බවට විශ්වාස කළ හැකි බවයි. කෙසේ වුවද එම ඉවත් කිරීම එළඹෙන පක්ෂ සම්මේලනයේදී සිදු කරන්නේද නොඑසේනම් වෙනත් දිනයකද යන්න නිශ්චිතව ප්‍රකාශ කළ නොහැකි බව ඔහු පවසා සිටියේය.
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙහි තනතුරු සම්බන්ධයෙන් වූ ඉදිරි තීරණය පක්ෂයේ විධායක සභිකයන් විසින් ගනු ඇතැයි එම පෙරමුණෙහි ප්‍රධාන ලේකම්, පාර්ලිමේන්තු මන්ත්‍රී සාගර කාරියවසම් මහතා පසුගියදා පැවැති පක්ෂයේ මාධ්‍ය හමුවකදී අවධාරණය කර සිටියේය.
හෙතෙම මේ බව අවධාරණය කර සිටියේ පක්ෂයෙහි සභාපති, මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා ඩලස් අලහප්පෙරුම මහතා ඇතුළු කණ්ඩායම සමග වෙන්ව මාධ්‍ය හමුවක් පැවැත්වීම සම්බන්ධයෙන් පක්ෂයක් ලෙස විනය ක්‍රියාමාර්ග ගැනීමට අදහස් කරන්නේද යන්න පිළිබඳ මාධ්‍යවේදීන් විසින් එහිදී සිදු කරන ලද ප්‍රශ්න කිරීමේදීය.