ජීප් - ලොරි ගැටී ගුරුවරිය මරුට
කොරියන් භාෂා ගුරුවරියක් ගමන්ගත් සුඛෝපභෝගී ජීප් රථයක් ඊයේ (23දා) රාත්‍රී කොළඹ පිටත වටරවුම් මාර්ගයේ කිලෝමීටර් 16 දශම 1 සපුගස්කන්ද ප්‍රදේශයේ දී ටයිල් පැටවූ ලොරියක ගැටීමෙන් ගුරුවරිය එම ස්ථානයේදීම මිය ගොස් ඇතැයි අතුරුගිරිය රථවාහන පාලක මධ්‍යස්ථානය සඳහන් කරයි.
ජීප් රථයේ රියදුරු රියදුරු සුළු තුවාල ලබා ඇත
අනතුරින් මියගොස් ඇත්තේ කඩවත රම්මුතුගල ගෝනහේන පාර පදිංචිව සිටි ගිතානි මානෙල් ප්‍රියන්ති (47 ) එක් දරු මවකි.
ටයිල් පැටවූ ලොරිය කිලිනොච්චියට යාම සඳහා මාතර දෙස සිට කඩවත දෙසට ධාවනය වීමේ දී එම දිසාවටම පිටුපසින් ධාවනය වෙමින් තිබු සුඛෝපභෝගී ජීප් රථය ලොරියේ පිටුපස ගැටීමෙන් මෙම අනතුර සිදුවී තිබූ බව පොලිසිය සඳහන් කරයි.
ජීප් රථය ලොරියෙ ගැටීමත් සමඟ ම එය සුන්බුන් ගොඩක් බවට පත්වී ඇති අතර ගුරුවරිය හඳුනාගත නොහැකි ලෙස බරපතළ තුවාල සිදුවී තිබූ බව පොලිසිය කියයි
අනතුරක් සමග වහා ක්‍රියාත්මක වූ අතුරුගිරිය අධිවේගිය අනු පාලක මධ්‍යස්ථානයේ නිලධාරීන් සහ පොලිස් විශේෂ කාර්ය බළකා නිලධාරීන් මෙන්ම මාර්ග සංවර්ධන අධිකාරියේ නිලධාරීන් එම ස්ථානයට පැමිණ බරපතළ තුවාල ලබා ජීප් රථය තුල සිරවී සිටි ගුරුවරිය ඉන් පිටතට ගෙන රාගම රෝහල කරා ඇතුළත් කිරීමට පියවර ගැනිණි.
ඒ වන විටත් ගුරුවරිය මියගොස් සිට ඇතැයි පොලිස් නිළධාරියෙකු පැවසීය.
අනතුර සිදුව ඇත්තේ කඩවත පිටවීමේ හුවමාරු මධ්‍යස්ථානයට කිලෝමීටර් දෙකක් පමණ තිබියදී බවත් පොලිසිය කියයි.
ජීප් රථ රියදුරුගේ අපරික්ෂාකාරි රිය ධාවනය සහ අධික වේගය අනතුරට හේතුව වී ඇති බව පොලිස් විමර්ශනවලදී අනාවරණය වී ඇත.
ලොරි රථ රියදුරු අත්අඩංගුවට ගෙන ඇති අතර අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.

popular news
-
Taraka Wednesday, 24 August 2022 08:21 AM
Vezel කබලක් කොහොමද සුඛෝපභෝගී ජීප් රථය උනේ?
Reply : 0 0
D P Liyanage Wednesday, 24 August 2022 01:20 PM
මේ කියන ආකාරයට මියගිය ගුරුවරිය සිටි රථය පැදවූ රියැදුරා තමයි වැරදි. නමුත් අත් අඩංගුවට පත්වී තිබෙන්නේ ඉදිරියෙන් පැදවූ ලොරි රියැදුරා. නීතියේ හැටියට පිටුපසින් පැමිණ හැප්පුවොත් වරදකරු පිටිපසින් පැමිණි රියැදුරා. නමුත් මෙතන?
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

