ඩුබායි රටේ සැඟව සිටින සංවිධානාත්මක අපරාධකරුවෙකු හා මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන වන ජිලේ නමැත්තාගේ මත්ද්‍රව්‍ය ජාලය මෙරට නිවාඩු නිකේතනයක කළමනාකරුවෙකු වශයෙන් පෙනී සිට සිට මෙහෙයවන ප්‍රධාන පුද්ගලයා රුපියල් ලක්ෂ 10, කට අධික වටිනා මත්ද්‍රව්‍ය සහ මුදල් තොගයක් සමග අත්අඩංගුවට ගත් බව කොළඹ අපරාධ කොට්ඨාසය කියයි.
එම සැකකරු සමඟ හෑෂ් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 150 ක් අයිස් මත්ද්‍රව්‍ය මිලිගෑම් 5100 ක් මෙන්ම මත්ද්‍රව්‍ය ජාවාරමෙන් උපයා ගත් බව කියන රුපියල් 6 ලක්ෂ 12430 ක් මුදලක් පොලිස් භාරයට ගෙන ඇත
කොළඹ අපරාධ කොට්ඨාසයේ අපරාධ බුද්ධි ඒකකයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක දුනුසින්හ මහතාට ලද තොරතුරකට අනුව සැකකරු සහ මත්ද්‍රව්‍ය පොලිස් භාරයට ගෙන ඇත.
ඩුබායි රටේ සැඟව සිටින ජිලේ නැමැත්තාගේ සහෝදරයාට අයත් නිවාඩු නිකේතනයේ කළමනාකරු ලෙස සැකකරු පෙනී සිටින බව විමර්ශනවලදී අනාවරණය වී ඇත
ජිලේ නැමති මත්ද්‍රව්‍ය ජාවාරම්කරු හා සංවිධානාත්මක අපරාධ කරු මීට වසරකට පමණ ඉහතදී මුල්ලේරියාව ප්‍රදේශයේ පුද්ගලයකුට වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියේ වෙඩික්කරු ලෙස කටයුතු කළ පුද්ගලයා බවත් සිද්ධියෙන් අනතුරුව සැකකරු ඩුබායි රටට පලාගොස් සැඟව සිට මෙරට මත්ද්‍රව්‍ය ජාවාරම මෙහෙවන බවත් පොලිසිය කියයි.
අත්අඩංගුවට ගත් සැකකරු නුවරඑළිය ආගර පතන පදිංචි 39 හැවිරිදි පුද්ගලයෙකි. සැකකරු අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය