මෙරට මාධ්‍ය නිදහස උල්ලංඝනය වීම සම්බන්ධවලබන මස පැවැත්වීමට නියමිත එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසමේ දී බරපතළ ලෙස සාකච්ඡා විය හැකි බවත් එය ඉතාමත් අහිතකර ලෙස රටට බලපෑමට බොහෝ දුරට ඉඩ ඇති බවත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජ්‍යෙෂ්ඨ උප සභාපති මහාචාර්ය රෝහණ ලක්ෂ්මන් පියදාස මහතා පවසයි.
අද (16) මහනුවර දී මාධ්‍ය හමුවක් කැඳවමින්ඒ බව අවධාරණය කළ මහාචාර්ය වරයා මහාචාර්යවරයා වැඩිදුරටත් මෙසේ පැවසීය .
“අදහස් ප්‍රකාශ කිරීමේ ඇති අයිතිය ව්‍යවස්ථාව මගින් තහවුරු කර තිබෙන අයිතියක්. එය වැළැක්වීමට කවුරුන් හා කටයුතු කරන්නේ නම් ජාත්‍යන්තරය ඒ පිළිබඳව විශේෂ අවධානයක් යොමු කර කටයුතු කරනවා. රජය මේ වන විට වනවිට බරපතළ ගැටලු රැසකට මුහුණ පා සිටිනවා.
ඒ පිළිබඳව විවේචන ඉදිරිපත් කරන අයට වේදිකාවක් තනා දෙන මාධ්‍යවේදීන්ට තර්ජනය කරන්න දැන් පටන් ගෙන තිබෙනවා. ලංකාවේ පළමු වතාවට මාධ්‍යවේදීන් අතුරුදහන් කිරීම, ඝාතනය කිරීම ආරම්භ වුණේ 1981 වසරේදීයි.
සංවර්ධන සභා පනත ක්‍රියාත්මක කරන්න ගිය අවස්ථාවේ යාපනය පුස්තකාලය ගිනිතියලා විශාල මර්දනයක් ජේ. ආර්. ආණ්ඩුව එදා කළා. ඊට එරෙහිව මාධ්‍ය කරණයේ නියැළුණු ඉල්ල නාඩු පත්තරේ ඡායාරූප ශිල්පියෙක් ව්‍යසනයට ගොදුරු වුණා . ඊට වගකිව යුතු අය අදටත් හෙළිදරව් වී නැහැ.
ඊට පසු ප්‍රභූ කාන්තාවකගේ ඡායාරූපයක් ගත්තේ යයි කියන විමල් එස් සුරෙන්ද්‍ර කියන මාධ්යවේදායා ඝාතනයට ලක්වුණා. ඔවුහු ඝාතනයට ලක්වන විට ගමන් කරමින් සිටි යතුරුපැදිය සඳහා පැළඳ සිටි හෙල්මටය එවකට ප්‍රබල ඇමති ධුරයක් හෙබවූ පුද්ගලයෙකුගෙ නිවසේ තිබී හමුවුණා. නමුත් එම ඝාතකයන් අදටත් අත්අඩංගුවට ගෙන නැහැ.
මේ රටේ 1981 සිට 2012 දක්වා මාධ්‍යවේදීන් 120 ක් පමණ වධහිංසනයට, ඝාතනයට, පහරදීම් වලට ලක්ව තිබෙනවා. තවත් බොහෝ මාධ්‍යවේදීන් ජීවිත ආරක්ෂාව පතා රට හැර ගොස් තිබෙනවා. යහපාලන ආණ්ඩුව සමයේ මේ රටේ කිසිදු මාධ්‍යවේදියකුට තර්ජනයක් හෝ ප්‍රහාරයක් එල්ල වුණේ නැහ . වල්බූරු නිදහසක් පාවිච්චි කරමින් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට පෞද්ගලික කාරණා මුල් කරගෙන විවේචන ඉදිරිපත් කළත් එතුමා ඒවා ගණන් ගත්තේ නැහැ. ඒ යුගය අවසන් කර අපි නැවත අරාජික යුගයකට ගමන් කිරීම ඇත්තටම කනගාටුවට කරුණක්”
ෂේන් සෙනෙවිරත්න