වෙරළබඩ පොලිස් වසමේ ජින්තුපිටිය ප්‍රදේශයේදී 2026.01.16 වන දින වෙඩි තබා පුද්ගලයෙකු ඝාතනය කර දරුවන් දෙදෙනෙකුට තුවාල සිදුකිරීමේ අපරාධය සම්බන්ධයෙන් පොලිස් කණ්ඩායම් කිහිපයක් මඟින් විමර්ශන ආරම්භ කර තිබුණි.
ඒ අනුව විමර්ශන සිදුකළ කොළඹ මධ්‍යම කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යංශයේ නිලධාරීන් කණ්ඩායමකට ලද තොරතුරකට අනුව ඉහත අපරාධයේ වෙඩික්කරුවෙකු 2026.03.09 දින උඩවලව ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන ඇත. සැකකරු අවුරුදු 25 ක් වන කොළඹගෙආර, උඩවලව ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.
මෙම වෙඩි තැබීමට සම්බන්ධ වෙඩික්කරුවෙකු ලෙස ක්‍රියා කළ එක් සැකකරුවෙකු 2026.03.03 වන දින කොළඹ අපරාධ කොට්ඨාසය මඟින් අත්අඩංගුවට ගෙන තිබුණි.කොළඹ මධ්‍යම කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යංශය විසින් වැඩිදුර විමර්ශන සිදුකරනු ලබයි.