2026.02.14 දින රාත්රී වෙරළබඩ පොලිස් වසමේ ජින්තුපිටිය ප්රදේශයේදී බාබර් සාප්පුවක් (සැලූන්) තුල සිටි පුද්ගලයින් කිහිප දෙනෙකුට නාඳුනන වෙඩික්කරුවෙකු විසින් සිදු කල වෙඩි තැබීමක් හේතුවෙන් පස් දෙනෙකු තුවාල ලබා කොළඹ ජාතික රෝහලට ඇතුලත් කර තිබියදී ඉන් එක් අයෙකු මියගොස් තිබුණි.
මරණකරු අවුරුදු 20 ක් වූ මන්නාරම, සිලාවතුර ප්රදේශයේ පදිංචිකරුවෙකි. තුවාලකරුවන් අවුරුදු 19, 27, සහ 28 වයස්වල පසුවන සිලාවතුර, ග්රෑන්ඩ්පාස් සහ කොටහේන ප්රදේශවල පදිංචිකරුවන් වේ.
මෙම වෙඩි තැබීමට හේතුව මෙතෙක් අනාවරණය වී නොමත. අපරාධයට සම්බන්ධ සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා වෙරළබඩ පොලිසිය ඇතුළු පොලිස් කණ්ඩායම් කිහිපයක් වැඩිදුර විමර්ශන සිදු කරනු ලබයි.