රුපියල් කෝටි 200 ක මුදල් විශුද්ධිකරණ නඩුවේ විමර්ශනයේ කොටසක් ලෙස ශ්‍රී ලංකා සම්භවයක් ඇති බොලිවුඩයේ සුපිරි නිලියක් වන ජැකලින් ෆර්නැන්ඩස්ගේ නමට පවත්වාගෙන ගිය ඉන්දීය රුපියල් කෝටි 7 ක ස්ථාවර තැන්පතුවක් අත්හිටුවීමට ඉන්දිීය විමර්ශන ඒජන්සියක් කටයුතු කර ඇත.
ඉන්දීය රුපියල් කෝටි 200කට අධික මුදල් විශුද්ධීකරණයක් සම්බන්ධයෙන් ඉන්දීය ජාතිකයෙකු වන සුඛේස් චන්ද්‍ර සේකර් සම්බන්ධයෙන් පවත්වන විමර්හන වලට අදාළව මෙම තැන්පතුව රාජසන්තක කර තිබේ. එහි ඉන්දීය රුපියල් කෝටි 7.15ක මුදලක් තිබී ඇත.
2019 දී මුදල් විශුද්ධිකරණ නඩුවක් සම්බන්ධයෙන් සිරගත කරන ලද රැන්බැක්සි හිටපු හිමිකරු ශිවින්දර් සිංගේ පවුලෙන් කප්පම් ගත් බව කියන රුපියල් කෝටි 200 න් චන්ද්‍රශේකර් විසින් ජැකලින්ට රුපියල් කෝටි 5.71 ක් වටිනා තෑගි ලබා දුන් බවටද චෝදනා එල්ල වී තිබේ.
තමා හා නිලිය අතර සම්බන්ධතාවක් තිබූ බවට චන්ද්‍ර ශේකර් ප්‍රකාශ කර තිබේ. ශිවින්දර් සිංගේ බිරිඳ අදිති සිංගේ පැමිණිල්ලකට අනුව චන්ද්රශේඛර්ට එරෙහිව මෙම නඩුව ගොනු කර ඇති අතර, තම සැමියා නිදහස් කර දීමට කටයුතු කරන බවට පොරොන්දු වී චන්ද්‍ර ශේකර තමාගෙන් මුදල් ලබා ගත් බවට චෝදනා කළාය.
චන්ද්‍රශේඛර් සම්බන්ධයෙන් කරන පරීක්ෂණවලදී චෙන්නයි හි මුහුදු වෙරළේ මන්දිරයක්, ෆෙරාරි, බෙන්ට්ලි සහ රෝල්ස් රොයිස් ඇතුළු මෝටර් රථ 23 කින් යුත් ඇණියක් සහිතව අති සුඛෝපභෝගී ජීවන රටාව කරළියට පැමිණියේය.
සුඛේෂ් හා පවතින සම්බන්ධතාව පිළිබඳව ජැකලින්ගෙන් විමසා ඇති විට ඇය ප්‍රකාශ කර ඇත්තේ ඉන්දිය රුපියල් ලක්ෂ 52ක් වටිනා අශ්වයෙකු, ඉන්දිය රුපියල් ලක්ෂ 9ක් වටිනා පර්සියානු බළලෙකු, මැණික් එබ්බවූ කරාබු සහ හර්මීස් බ්‍රේස්ලට් ඇතුළු තෑගි සමඟ තමන් චන්ද්‍රශේඛර්ගෙන් ඩොලර් ලක්ෂ 1.5ක ණය මුදලක් ලබාගත් බවයි. එසේම තවදුරටත් කළ විමර්ශනවලදී ඇයට Mini Cooper මෝටර් රථයක් ද සුඛේෂ් විසින් ලබාදී තිබුණි.
මේ පිළිබඳව කළ විමර්ශනවලදී ජැකලින්ගේ පවුලේ සාමාජිකයින්ටද චන්ද්‍රශේකර් විශාල මුදලක් ලබා දී ඇති බව ද සොයාගෙන ඇත. මෙම වසර මුලදී, චන්ද්‍රශේඛර්ගේ නීතීඥවරයා බන්ධනාගාරය තුළදී ඔහු විසින් ලියන ලද ලිපියක් නිකුත් කරන ලද අතර, එහිදී ඔහු ජකලින්ට ලබාදුන් තෑගි පිළිබඳව අදහස් දක්වමින් සඳහන් කර ඇත්තේ ඕනෑම සම්බන්ධතාවයකදී මෙන් එම තෑගි ලබාදිම සාමාන්‍ය දෙයක් බවයි.
"මා සඳහන් කළ පරිදි, මම හා ජකලින් අතර සම්බන්ධතාවක් තිබුණා. එය කිසිඳු ආකාරයක මුදල් ප්රතිලාභ මත පැවැති දෙයක් නෙමෙයි. ඒ සම්බන්ධය තුළ කිසිම බලාපොරොත්තුවක් නැතිව එකිනෙකාට ආදරයක් ගෞරවයක් තිබෙනවා.
කිසිවක් බලාපොරොත්තු නොවී ආදරය පමණක් කළ ඇයට එය පහසු නොවන බැවින් ඇයව නරක ලෙස ප්රක්ෂේපණය කිරීම නවත්වන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමි. මා කලින් සඳහන් කළ පරිදි ඇය දැනට පවතින මුදල් විශුද්ධිකරණ නඩුවට කිසිදු සම්බන්ධයක් නෑ.
මම එයාට දේවල් තෑගි කරලා තියෙනවා, එයාගේ පවුල වෙනුවෙන් දේවල් කරලා තියෙනවා, කෙනෙක් එයාගේ ආදරණිය කෙනා වෙනුවෙන් කරන සාමාන්‍ය දේවල්. ඒක පුද්ගලිකයි. මට තේරෙන්නේ නැහැ ඇයි මේ තරම් ලොකු දෙයක් කරන්නේ කියලා.
ඒත් එක්කම මම මේ කිසිවක් 'ඊනියා අපරාධවල ආදායමක්' නොවන බව නැවත සහතික කිරීමට කැමැත්තෙමි. ඒ සියල්ල නීත්‍යානුකූල ඉපැයීම් වලින් වන අතර එය ඉතා ඉක්මනින් අධිකරණයේදී ඔප්පු වනු ඇත," චන්ද්‍රශේකර් ලිවීය.
