ජාතික ජනබලවේගයේ විරෝධතා රැලියට සහභාගි වූ 20 කට ආසන්න පිරිසක් තුවාල ලබා කොළඹ ජාතික රෝහලට ඇතුලත් කර ඇති බව එහි ප්රකාශකයෙකු පැවසීය.
මැතිවරණය පැවැත්වීම ඇතුළු කරුණු කිහිපයක් මුල්කරගෙන ජාතික ජන බලවේගය විසින් අද කොළඹදී සංවිධානය කළ විරෝධතාව විසිරුවා හැරීමට පොලිසිය ජල හා කඳුලු ගෑස් ප්රහාරයක් දියත් කලේය. මෙම විරෝධතාවට විශාල පිරිසක් එක්වී සිටි අතර එයට එරෙහිව අධිකරණය මගින් වාරණ නියෝගයක්ද නිකුත් කරනු ලැබ තිබිණ.