ජාතික සභාව දේශපාලන කූටෝපායක්
දේශපාලන මූලෝපායක් වෙනුයට දේශපාලන කූටෝපායක් ලෙස ජාතික සභාව යන සංකල්පය අපයෝජනය කරන බවත්, එමෙන්ම මෙම යෝජනාව තුළ පාර්ලිමේන්තුවේ ස්වාධීන වූ කණ්ඩායම් මගහැරීම සඳහා නිරැවත් කුමන්ත්රණයක් ක්රියාත්මක වන බවත් ශ්රී ලංකා පොදුජන පෙරමුණේ ස්වාධීන වූ කණ්ඩායම නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්රී ඩලස් අලහප්පෙරැම මහතා පැවසීය.
ජාතික සභිව ස්ථිපිත කිරීම සඳහා වූ යෝජනා සම්මතය පිළිබඳ අද (20දා) පාර්ලිමේන්තුවේ පැවති විවාදයට එක්වෙමින් හෙතෙම මේ බව සඳහන් කළේය.
එහිදී වැඩිදුරටත් පාර්ලිමේන්තු මන්ත්රී ඩලස් අලහප්පෙරැම මහතා මෙලෙස අදහස් දක්වා සිටියේය.
ජාතික සභාවේ අරමුණ අපි පාර්ලිමේන්තුව ඇතුලේ සියලු පාර්ශයන් එකට එකතුවෙලා රටට බලපාන ප්රශ්න සම්බන්ධයෙන් තීන්දු කිරීම නම් ඒක මේ පාර්ලිමේන්තුව නියෝජනය කරන පක්ෂ හා කණ්ඩායම් අතරින් තුන්වන විශාලම කණ්ඩායම ලෙස කතාවක් සඳහා විනාඩියක් ලබා ගන්න බැරි පසුබිමක් තිබුනේ. එහෙම විපක්ෂයට වෙලාව දෙන්නේ නැති ආණ්ඩුව ජාතික සභාවක් ගැන කතා කරනවා. සියල්ල අවසන් කරලා , මීට දවස් කිහිපයකට කලින් රාජ්ය ඇමතිවරැත් පත් කරලා සියල්ල වසා ගන්න සුදු පිරැවටක් ලෙස ජාතික සභා සංකල්පය ඉදිරිපත් කරනවා කියන එක තමයි අපේ විශ්වාසය.
ඒ නිසා මේක දේශපාලන මූලෝපායක් විදියට නෙවෙයි, දේශපාලන කූටෝපායක් විදියට ජාතික සභාව කියන සංකල්පය අපයෝජනය කරනවා කියන එකයි අපේ තේරැම් ගැනීම සහ විශ්වාසය. මේ යෝජනාවේ කියනවා ශ්රී ලංකාවේ පිළිගත් දේශපාලන පක්ෂ වලින් 09 වැනි පාර්ලිමේන්තුව නියෝජනය කරන මන්ත්රීවරැන් සාමාජිකයන් කියලා. ඒ කියන්නේ ස්වාධීන වූ කණ්ඩායම් මගහැරීම සඳහා නිරැවත් කුමන්ත්රණයක් මේක ඇතුලේ තිබෙනවා.
popular news
-
Lelwala Tuesday, 20 September 2022 02:53 PM
He lose his seat in next election.? He has no any favoritism from the country.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.

