‘ජාතික බදු සතිය’ බදු ශක්ති 2026 අද (06) ආරම්භ කෙරේ. එය ලබන ජූලි 10 වැනිදා දක්වා ක්රියාත්මක කිරීමට රජය පියවර ගෙන තිබේ.
ජනාධිපති ලේකම් කාර්යාලයේ ආදායම් පරිපාලන, ප්රතිසංස්කරණ හා නවීකරණ කාර්යාංශය, දේශීය ආදායම් දෙපාර්තමේන්තුව, ශ්රී ලංකා රේගු දෙපාර්තමේන්තුව සහ සුරාබදු දෙපාර්තමේන්තුව එක්ව මෙම වැඩසටහන සංවිධාන කරයි.
මෙම වැඩසටහනේ ප්රධාන අරමුණු වන්නේ බදුකරණය පිළිබඳ පවතින ඍණාත්මක ආකල්ප ධනාත්මක ආකල්ප බවට පරිවර්තනය කිරීම, ස්වේච්ඡාවෙන් බදු ගෙවන සංස්කෘතියක් රට තුළ නිර්මාණය කිරීම, බදු පදනම පුළුල් කිරීම මගින් එක් පුද්ගලයෙකු මත පටවා ඇති බදු බර අවම කිරීම සහ අපේක්ෂිත බදු ඉලක්ක සපුරා ගනිමින් රටේ ආර්ථික ස්ථාවරත්වය සහ සංවර්ධන ක්රියාවලිය තහවුරු කිරීමයි.