මධ්‍යම සංස්කෘතික අරමුදලට පවරනු ලැබූ ජාතික නාමල් උයන රෝස තිරුවානා කන්ද නිල වශයෙන් විවෘත කිරීම ලබන මස 26 වැනිදා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සහඅග්රාමාත්ය රනිල් වික්‍රමසිංහ මහත්වරුන්ගේප්‍රධානත්වයෙන් සිදුකිරීමට නියමිතය.
පුරා වසර 27ක පමණ කාලයක් මුළුල්ලේ මනුෂ්‍ය වාසයකින් තොරව එහෙත් ජාතික, ආගමික හා පාරිසරික වටිනාකමකින් සමන්විත මෙතෙක් වනවාසී රාහුල හිමියන් භාරයේ තිබූ ජාතික නාමල් උයන රෝස තිරුවානා කන්දේ පරිපාලන හා නඩත්තු කටයුතු පසුගියදා ගිවිසුමකින් මධ්‍යම සංස්කෘතික අරමුදලට පවරා දෙනු ලැබීය.
මේ සමගම නාමල් උයන රෝස තිරුවාන කන්ද සංස්කෘතික කලාපයක් ලෙස වර්ධනය කිරීම කෙරෙහිද රජයේ අවධානය යොමුවී ඇත. ඒ අනුව ජාතික නාමල් උයන කේන්ද්‍රකරගනිමින් පලාගල ප්‍රා‘දේශීය ලේකම් කොට්ඨාසය සංවර්ධනය කිරීමටද අපේක්ෂිතය.
මෙම ව්‍යාපෘතිය යටතේ ප්‍රදේශයේ යටිතල පහසුකම් සංවර්ධනය කිරීමටත්, ප්‍ර‘දේශයේ තරුණ තරුණියන්ට ඍජු හා වක්‍ර රැකියා අවස්ථා ලබාදීමටත් අපේක්ෂා කරන අතර, මේ වනවිටත් ප්‍රදේශයේ තරුණයන් 05 දෙනෙකුට රැකියා අවස්ථා ලබා දී ඇත.
මෙම කලාපය පුළුල් සංවර්ධන මාවතක් කරා යොමු කිරීමේදී ප්‍රධාන කරුණු 04ක් කෙරෙහි අවධානය යොමුවී ඇති බව මධ්‍යම සංස්කෘතික අරමුදලේ අධ්යක්ෂ ජනරාල් මහාචාර්ය ප්‍රිශාන්ත ගුණවර්ධන මහතා පැවසීය.
ඒ අනුව රෝස තිරුවානා කන්දේ ඇති භූ විද්‍යාත්මක, උද්භිද විද්‍යාත්මක හා සත්ත්ව විද්‍යාත්මක වැදගත්කම සහ 08 වැනි සියවසේ සිට වැදගත් වන බෞද්ධ නගර සංකීර්ණ පිළිබඳ අවධානය යොමු කරමින් මෙම ප්‍ර‘දේශය සංවර්ධනය කිරීමට අපේක්ෂා කරන බවද මහාචාර්යවරයා ප්‍රකාශ කළේය.
සංචාරකයන් ආකර්ෂණය කර ගැනීමේ මධ්‍යස්ථානයක් වශයෙන් රෝස තිරුවානා කන්ද සංවර්ධනය කිරීමේදී එහි ඇති ජෛව විවිධත්වය සහ පාෂාණ පිළිබඳ පර්යේෂණ පවත්වනු ලබන ආයතනයක් මෙන්ම ආධ්‍යාත්මික හා අධ්‍යාපනික සංවර්ධන ආයතනයක් වශයෙන් සංවර්ධනය කිරීමට අපේක්ෂා කරයි.
ඓතිහාසික නාමල් උයන රෝස තිරුවානා කන්ද අක්කර 2000ක පමණ භූමි භාගයක් පුරා ව්‍යාප්තව ඇති අතර, රෝස තිරුවානා කඳුවැටිය අක්කර 600ක පමණ ව්‍යාප්ත වී ඇත. දේශීය හා විදේශීය සංචාරකයන්ගේ අකර්ෂණය දිනාගත් ප්‍ර‘දේශයක් ලෙස සංවර්ධනය කිරීමේදී ඔවුන්ට මෙම ප්‍ර‘දේශය නැරඹීම පහසු කරනු වස් කේබල් කාර් ව්‍යාපෘතියක් ආරම්භ කිරීම කෙරෙහිද මේ වනවිට අවධානය යොමු වී ඇත.
රෝස තිරුවානා කන්ද ආසන්නයේ ඇති සීගිරිය, දඹුල්ල වැනි ප්‍ර‘දේශ නැරඹීමට එන දේශීය හා විදේශීය සංචාරකයන් මෙම ප්‍ර‘දේශයට ගෙන්වාගැනීමටත්, සීගිරිය, දඹුල්ල සහ නාමල් උයන අතර සංචාරක කටයුතු ප්‍රවර්ධනය කරමින් වැඩි විදේශ විනිමය ප්‍රමාණයක් ශ්‍රී ලංකාවට ආකර්ෂණය කර ගැනීමටත් අපේක්ෂිතය.
පාෂාණ පිළිබඳ පර්යේෂණවල නිරත විශ්වවිද්‍යාලවල විද්‍යාර්ථීන්ට ඒ සඳහා සුදුසුකම්ලත් විශ්වවිද්‍යාල පිහිටා ඇත්තේ ග්‍රීසියේ පමණි. නමුත් මෙහිදී විදේශීය රටවල විද්‍යාර්ථීන්ට මෙන්ම ශ්‍රී ලාංකික විද්‍යාර්ථීන්ටද රෝස තිරුවානා කන්ද ආශ්‍රිතව එවැනි පර්යේෂණ සිදුකිරීමට අවකාශ සැලසෙන අතර, ඒ හරහා ශ්‍රී ලංකාවට වැඩි විදේශ විනිමය ප්‍රමාණයක් උපයාගැනීමට අවකාශ සැලසෙනු ඇත. තවද පුරා විද්‍යාව, පරිසර විද්‍යාව හා භූ විද්‍යාව පිළිබඳ පර්යේෂණ සිදුකිරීමටද මෙම විද්‍යාර්ථීන්ට අවස්ථාව උදාවේ.
මීට අමතරව පාරිසරික මෙන්ම ආගමික වටිනාකමකින් යුත් මෙම ප්‍ර‘දේශයට ආධ්‍යාත්මික සුවය ලබාගැනීම සඳහා භාවනා කිරීමට පැමිණෙන දේශීය හා විදේශීය සංචාරකයන්ට අවශ්‍ය කරන පහසුකම් පුළුල් කරමින් සංවර්ධනය කිරීමටද අපේක්ෂිතය.
තවද අනාගතයේදී පාසල් දරුවන්ගේ සහ සංචාරකයන්ගේ පරිශීලනය සඳහා ජාතික වැදගත්කමකින් යුත් සුවිශේෂී වූ දැව කෞතුකාගාරයක් මෙම ප්‍ර‘දේශය ආශ්‍රිතව ඉදිකිරීමටද යෝජිතය.

ශ්‍රී ලංකාවට සංචාරකයන් ආකර්ෂණය කර ගැනීම තුළින් විදේශීය රටවලට ශ්‍රී ලංකාව පිළිබඳ යහපත් ප්‍රතිරූපයක් ගොඩනැගීමටත්, ඒ හරහා වැඩි වැඩියෙන් සංචාරකයන් ශ්‍රී ලංකාවට ආකර්ෂණය කර ගැනීම තුළින් වැඩි විදේශ විනිමය ප්‍රමාණයක් උපයාගැනීමටත් මෙම ව්‍යාපෘතිය තුළින් අවකාශ සැලසෙනු ඇත.