ජාත්‍යන්තර තරුණ දිනයට සමගාමීව තරුණ කටයුතු හා ක්‍රීඩා අමාත්‍යංශය, ජාතික තරුණ සේවා සභාව එක්ව සංවිධානය කරනු ලබන 2025 ජාතික තරුණ සම්මේලනය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන්, තරුණ තරුණියන් 6000 කගේ සහභාගීත්වයෙන් 2025.08.12 දා පෙ.ව 10.00 ට කොළඹ සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගණයේදී පැවැත්වේ.
දිස්ත්‍රික් මට්ටමින් තෝරාගත් ජාතික මණ්ඩල නියෝජිතයන් පනස් දෙදෙනෙකු පත් කිරීම හා 19 වන ජාතික මණ්ඩලය පත් කිරීමේ ජාතික තරුණ සමුළුව හා ඔවුන් ජාතික නායකයින් ලෙස හඳුන්වාදීම ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන්, තරුණ කටයුතු හා ක්‍රීඩා අමාත්‍ය සුනිල් කුමාර ගමගේ, නියෝජ්‍ය අමාත්‍ය එරංග ගුණසේකර, ජාතික තරුණ සේවා සභාවේ සභාපති/අධ්යක්ෂ ජනරාල් නීතීඥ සුපුන් විජේරත්න යන මහත්වරුන්ගේ හා මැති ඇමතිවරුන්ගේ හා විදේශ තානාපතිවරුන්ගේ සහභාගීත්වයෙන් පැවැත්වේ.