ජාතික ඉන්ධන බලපත්‍ර පද්ධතිය (QR) නිර්මාණය කළ පාර්ශ්ව පිළිබඳව විදුලි බල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා සිය ට්විටර් ගිණුමෙන් හෙළි කිරීමක් කර තිබේ.
මේ අනුව විදුලි බල හා බලශක්ති අමාත්‍යාංශය වෙනුවෙන් මෙම ඉන්ධන බලපත්‍ර ක්‍රමය තොරතුරු තාක්ෂණ නියෝජිතායතනය, ඩයලොග් ආයතනය හා මිලේනියම් තොරතුරු තාක්ෂණ සමාගම නිර්මාණය කළ බව අමාත්‍යවරයා පවසයි.
මීට ඉහතදී අමාත්‍යවරයා සඳහන් කර තිබුණේ තොරතුරු තාක්ෂණ නියෝජිතයාතනය හා තවත් පෞද්ගලික ආයතන දෙකක් මෙම ජාතික ඉන්ධන බලපත්‍ර ක්‍රමය හඳුන්වා දුන් නමුත් එම පෞද්ගලික සමාගම් දෙක සිය නම් හෙළිකිරීමට අකමැති බවයි.
ජාතික ඉන්ධන බලපත්‍ර ක්‍රමය හඳුන්වා දුන්නේ නොමිලයේ බවත් ඒ වෙනුවෙන් සහාය දැක්වූ සියලු පාර්ශ්වකරුවන්ට හා ස්වෙච්ඡාවෙන් ඉදිරිපත් වූ සියලු දෙනාට ස්තූතිය ප්‍රකාශ කරන බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් පවසයි.
