ජාතික ඉන්ධන බලපත්‍රය හරහා ඉන්ධන බෙදා හැරීමට සාර්ථක වර්ධනයක් අත්කරගෙන ඇතැයි විදුලි බල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පවසයි.
මේ අනුව ශ්‍රී ලංකාවේ ඉන්ධන හල්වලින් සියයට 50කට ආසන්න සංඛ්‍යාවක් මේ වන විට එම ක්‍රමය යටතේ ක්‍රියාත්මක බවද අමාත්‍යවරයා පෙන්වා දෙයි.
මේ අනුව සිපෙට්කෝ ඉන්ධනහල් 409ක් හා අයි.ඕ.සී. ඉන්ධනහල් 72ක් තුළ මෙම ක්‍රමය ක්‍රියාත්මක වූ බවත් සිදුවූ ගනුදෙනු සංඛ්‍යාව 158 208ක් බවත් අමාත්‍යවරයා සඳහන් කළේය.
ජාතික ඉන්ධන බලපත්‍රයට වැඩි වශයෙන් ලියාපදිංචි වී ඇත්තේ යතුරු පැදි වන අතර එම සංඛ්‍යාව ලක්ෂ 24කට අධික වෙයි.
එසේම ඊයේ රාත්‍රී 8.30 වන විට ජාතික ඉන්ධන බලපත්‍ර ක්‍රමයට වාහන මිලියන 4.25ක් ලියාපදිංචි වී තිබුණ බද ඔහු පවසයි.