ජාතික ඉන්ධන බලපත්‍රය සඳහා මිලියන 4.4ක් ලියාපදිංචි වී ඇතැයි විදුලි බල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පවසයි. එසේම අද දිනයේදී සිපෙට්කෝ (442) හා අයි.ඕ.සී (94) ඉන්ධන හල් 536ක මෙම ක්‍රමය අත්හදා බැලුන බවද අමාත්‍යවරයා පවසයි.
මෙහිදී ගනුදෙනු 1807005ක් සිදුව ඇති බවත් නිකුත් කර ඇති ඉන්ධන ප්‍රමාණය ලීටර් 1 477 622ක් බවද අමාත්‍යවරයා පවසයි.