2022 ජූලි 13 වන දින සවස් කාලයේදී පාර්ලිමේන්තු සංකීර්ණය අත්පත් කර ගැනීමට පැමිණි ප්‍රචණ්ඩකාරී පිරිසක් විසින් එම ස්ථානයේ රාජකාරීන්හී නියුතුව සිටි හමුදා සෙබලුන් දෙදෙනෙකුහට ඉතා දරුණු සහ අමානුෂික ලෙස යකඩ මුගුරු සහ පොලු ආදිය උපයෝගී කරගනිමින් සිහිසුන් වන තුරු පහර දී එම සෙබලුන් සතු ටී-56 ස්වයංක්‍රීය ගිනි අවි දෙක පතුරම් ගැබ් දෙකත් සමඟ පැහැර ගැනීම බරපතල නීති විරෝධී ක්‍රියාවක් බවත් එය මහජනතාවගේ ආරක්ෂාවට ද දැඩි තර්ජනයක් බවත් ආරක්ෂක අමාත්‍යාංශය අවධාරණය කර සිටී.
එම හමුදා සෙබලුන් දෙදෙනාගේ මුහුණට සහ හිසට දැඩි ප්‍රහාර එල්ල වී ඇති අතර, දැනට ඔවුන් ඉතා අසාධ්‍ය තත්ත්වයෙන් යුතුව රෝහල් ගත කර ඇත. මේ අයුරින් පොලිස්/ ආරක්ෂක හමුදා සාමාජිකයන්හට පහරදීම හා තරුණ ප්‍රජාව මෙවැනි අනීතික කටයුතු සඳහා පෙළබවාගෙන මහජන දේපල හානි කිරීම හා මහජනතාවට පීඩාවන අයුරින් කටයුතු කිරීම සාමාන්‍ය ජනජීවිතයට තර්ජනයක් වන බව ආරක්ෂක ලේකම් තරයේ අවධාරණය කර සිටී.
ඒ අනුව මෙවැනි ක්‍රියා වළක්වා රටෙහි සාමාන්‍ය තත්ත්වය ස්ථාපිත කරලීම උදෙසා තදින් නීතිය ක්‍රියාත්මක කිරීමට ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී සහ ත්‍රිවිධ හමුදාපතිවරුන්ට හා පොලිස්පති හට සියළු උපදෙස් හා නියෝග ලබාදී ඇත.
මේ අනුව මහජන ආරක්ෂක ආඥා පනත යටතේ පොලිසියට සහ ත්‍රිවිධ හමුදාවන්ට බලය ලබාදී ඇති අතර, ඒ අනුව පොලිසිය සහ ත්‍රිවිධ හමුදාව එක්ව රටේ නීතිය හා සාමය පවත්වා ගෙන යාම සඳහා ආරක්ෂක අමාත්‍යාංශයේ අධික්ෂණය යටතේ අවශ්‍ය සියළු කටයුතු සිදුකර ජාතික ආරක්ෂාව තහවුරු කිරීමට කටයුතු කරනු ලබන බව මහජනතාව වෙත දැනුම් දෙන බව ආරක්ෂක අමාත්‍යාංශය වැඩිදුරටත් දන්වා සිටියි.