ජාතික අනතුරු නිවාරණ සතිය අද(07දා) සිට ලබන 11වැනිදා දක්වා ක්‍රියාත්මක වන බව සෞඛ්‍ය සහ ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසීය.
ඒ අනුව,
07වැනිදා - මාර්ග අනතුරු වැලැක්වීමේ දිනය,
08 වැනිදා - සේවා ස්ථානවල අනතුරු වැලැක්වීමේ දිනය,
09 වැනිදා - නිවෙස් හා වැඩිහිටි නිවාස වල අනතුරු වැලැක්වීමේ දිනය,
10 වැනිදා - දියේ ගිලීම් වලින් සිදුවන අනතුරු වැලැක්වීමේ දිනය,
11 වැනිදා - පාසල් , පෙරපාසල්, දිවා සුරැකුම් මධ්‍යස්ථාන වල අනතුරු වැලැක්වීමේ දිනය,
ලෙස මෙම දින 05 තුළ අනතුරු නිවාරණය ගැන ජනතාව දැනුවත් කරන බව අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේය.