ජ්‍යාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග ක්‍රියාත්මක විස්තීර්ණ ණය වැඩසටහනේ ඉලක්කය වූයේ ස්ථාවරභාවය ළගාකර
ගැනිම බව ජනපති අනුර කුමාර දිසානායක මහතා පැවැසීය.
ඒ අනුව ශ්‍රී ලංකාව මේ වන විට සැලකිය යුතු ප්‍රමාණයකින් ස්ථාවරභාවය ළගා කරගෙන තිබෙන බවත් ඊළඟ සැලසුම
වන්නේ ස්ථාවරභාවය ආරක්ෂා කරමින් ආර්ථික වර්ධනය අත්පත් කර ගැනීම බවද ඔහු කීවේය.
කොළඹ ඊයේ පැවැති ශ්‍රී ලංකා ආයෝජන සමුළුව අමතමින් ඔහු සඳහන් කළේ වර්ධනය සඳහා නව එකඟතාවයකට
යා හැකිනම් ජාත්‍යන්තර අරමුදල සමග ගමන් කිරීමට රජය සූදානම් බවයි.