(VIDEO) ජාඇල ප්‍රදේශයේ පිහිටි රන් භාණ්ඩ උකස් ආයතනයක් කොල්ල කෑමේ සිද්ධියට සම්බන්ධ සැකකරුවෙක් අත්අඩංගුවට ගැනීම සඳහා පොලීසිය මහජන සහාය ඉල්ලයි.
එම සැකකරුගේ සී.සී.ටී.වී. දර්ශන හා ඡායාරූප කිහිපයක් පොලීසිය මාධ්‍යට නිකුත් කොට තිබේ.
පසුගිය 15දා මෙම කොල්ල කෑම සිදුකර තිබෙන අතර උකස් ආයතනයට පැමිණි නාදුනන පුද්ගලයින් දෙදෙනෙකු විසින් එහි සේවය කල කාන්තාවන් දෙදෙනා පිහියක් පෙන්වා බිය ගන්වා ඔවුන්ගේ දෑත් බැද දමා ආයතනයේ තිබූ මුදල් රුපියල් ලක්ෂ 06 ක් හා රුපියල් 53,760,000/- (පන්කෝටි තිස්හත් ලක්ෂ හැටදාහක්* වටිනාකමකින් යුත් රන් භාණ්ඩ කොල්ල කා පලා ගිය බව පොලීසිය කියයි.
මෙම කොල්ලය සිදු වන අවස්ථාවේ එම උකස් ආයතනය අසළ වෙළදසැලක සවිකර තිබූ සීසීටීවී කැමරාවක කොල්ලය සදහා පැමිණි පුද්ගලයකු විමසිලිමත්ව සිටින ආකාරය හා මුදල් දමා තිබූ බෑගය රැගෙන දිව යන අයුරු පටිගත වී තිබේ.
සැකකරු සම්බන්ධයෙන් නිවැරදි තොරතුරක් ලබා දෙන අයෙකුට එම ආයතනයේ හිමිකරු විසින් රුපියල් ලක්ෂ 05 ක මුදල් ත්‍යාගයක් ලබා දීමට කටයුතු කරන බව සඳහන් කරන පොලීසිය සැකකරු පිළිබඳව තොරතුරු දන්නේ නම්
ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී කැළණිය - 071-8591589, සහකාර පොලිස් අධිකාරී කැළණිය - 071-8591594, පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය - 011-2327227, ජාඇල පොලිස්ථානය - 011-2236222, 011-2236131, ස්ථානාධිපති ජාඇල - 071-8591603, ස්ථානාධිපති අපරාධ - 078-5308291
යන අංකවලට දැනුම් දෙන ලෙස පොලීසිය කියයි.
VIDEO