ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයෙක් අල්ලස් කොමිෂම මගින් අත්අඩංගුවට ගෙන තිබේ. අල්ලස් ලබාගැනීමේ සිද්ධීන් කිහිපයක් සම්බන්ධයෙන් කරනු ලැබූ විමර්ශනවලට අදාළව මෙම අත්අඩංගුවට ගැනීම සිදු කර තිබේ. සැකකරු විවිධ පුද්ගලයන්ගෙන් රුපියල් කෝටියකට අධික අල්ලස් මුදල් ලබාගෙන ඇති බවත් එම මුදල් ඔහුගේ ගිණුම්වලට මෙන්ම ඥාතීන්ගේ ගිණුම්වලට බැරකරගෙන ඇති බව විමර්ශනවලදී අණාවරණය වී තිබේ.