ජීවිත තුනක් බේරාගත් 10 හැවැරිිදි සසිඳු
අරලගංවිල අලුත්වැව ප්රදේශයේදී ඉෂඩ් ඩී ප්රධාන ඇළට වැටුණ ත්රි‘රෝද රථයක සිටි සිය මාස පහක නැගණිය, අවුරුදු හයක සොයුරා, තම පියා හා තමාගේ ජීවිතයත් බේරා ගැනීමට අවුරුදු දහයක දරුවෙකු ඊයේ (26දා) සමත් විය.
මෙම බේරාගැනීමේ කාර්ය සිදුකරනු ලැබුවේ, පී. සසිඳු ලක්ෂාන් ජයකොඩි නමැති (අවු.10) දරුවෙකු විසිනි. ඔවුන් අලුත්වැව ප්රදේශයේ සිට මැදගම දක්වා ගමන් කරමින් සිටියදී ත්රි‘රෝද රථයේ හඬලය හැරවී ඉෂඩ් ඩී ප්රධාන ඇළට වැටී අනතුරට මුහුණ පා ඇති බව ප්රදේශවාසීහු පවසති. මෙම අනතුරින් කිසිවෙකුටත් තුවාල සිදුවී නොමැත.
තම දරුවා පාසල් හැරුණ පසු අලුත්වැව සිට මැදගම දක්වා තම නිවසට යමින් සිටියදී මෙම අනතුරට මුහුණ දුන් බවත්, තමන් ඇතුළු දරුවන් තිදෙනා බේරුණේ හාස්කමකට බව අනතුරට මුහුණදුන් පී. ලක්ෂ්මන් ජයකොඩි මහතා පැවසීය.
අඩි 30ක් පමණ ගැඹුරු ඉෂඩ් ඩී. ප්රධාන ඇළට වැටුණ ත්රිරෝද රථය ප්රදේශවාසීන් විසින් කඹ ආධාරයෙන් ගොඩට ගෙන තිබේ.
තම පියාගේ හා සහෝදරයන් ගේ ජීවිතය බේරාගත් ලක්ෂාන් මෙසේ පැවසීය.
"අපි එක පාරටම ඉෂඩ් ඩී ඇළට වැටුණා. මම මාස පහේ නංගියි, අවුරුදු හයේ මල්ලියි ඇළ බැම්මට තියාගෙන කෑගැසුහා මමත් පීනලා නංගියි, මල්ලියි බේරාගත්තා. තාත්තා බේරාගන්න කෑගහන කොට වීල් එකක ගිය මාමලා ඇළට පැනලා අපිවයි වීල් එකයි ගොඩට ගත්තා. අම්මා බයික් එකේ පිටුපසින් ආවා."
මනම්පිටිය - නිමල් ජයරත්න








popular news
-
Champa Wednesday, 27 February 2019 02:16 PM
හනේ අවුරුදු 10ක පොඩි දරුවෙක් වුනත් තැනට සුදුසු ණුවනින් වැඩ කරල හැමෝවම බේරා ගෙන තියෙනවා. බේරා ගත්ත අනිත් දරුවෝ දෙන්න මාස පහේ නංගියි අවුරුදු 6යෙ මල්ලියි සහ තාත්තයි. හනේ මේ දරුවාට පුදුම හයියක් එන්න ඇති ඒ වෙලාවේ. නැත්නම් තවත් ලංකාවම කම්පා වෙන අනතුරක් වෙන්න තිබුන මේකත්. දළදා සමිඳු පිහිටයි පුතා ඔයාට. හොඳට ඉගෙන ගන්න ලැබෙන්න ඕනේ.
Reply : 0 40
roshan Sunday, 03 March 2019 10:09 PM
pacha madyakaranaya
Reply : 1 1
D D Gunawardena Monday, 11 March 2019 07:21 PM
ළමා වීරයාට බුදු සරණින යහපතක්ම වේවා!
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.

