ජල පිරිපහදු ක්‍රියාත්මක කරවීමට බාධා පැමිණ ඇති බවත් ජල සැපයුම අඩාලවීමේ අවධානමක් මතුව ඇති බවත් ජල සම්පාදන හා ජලාපවහන සේවක සංගමය පවසයි.
ඉන්ධන ලබාදීමේ ක්‍රමවේදයන් අවුල් කරමින් ටෝකන් ක්‍රම, අත්‍යවශ්‍ය සේවාවලට පමණයි යනුවෙන් විවිධ දේ ඉදිරිපත් කරමින් තිබෙන තත්වය තුල සහ පොදු ප්‍රවාහන සේවා ගැටලු අනුව ජල සම්පාදන සේවකයින්ට රාජකාරීයට වාර්තා කිරීමට නොහැකිවීම මීට හේතුව වී ඇතැයි එම සංගමය පවසයි.