මිනිපේ මහ ගොවි ජනපදයේ දෙවන අදියරේ වගා කල හැකි ගොඩ ඉඩම් සදහා ජලය සැපයීමේ විධීමත් වැඩපිළීවෙලක් මෙතෙක් සකස් කර නැතැයි ගොවීහු පවසති. ප්රදේශයේ වාරි පද්ධති සකස් කිරිමේ දි කිනම් හෝ හේතුවක් මත ජනපදයේ වගා කළ හැකි ගොඩ ඉඩම් සදහා ජලය ලබාදිමට ක්රමවේදයක් සකස් නොකිරිම මෙම තත්වයට හේතුව බවද ඔවුහු පෙන්වා දෙති.
මෙම තත්වය මත මෙම ප්රදේශවල ගොවියන්ට වසර ගණනාවක සිටම විවිධ අපහසුතාවයන්ට මුහුණ පෑමට සිදුවි තිබෙන බවද ඔවුහු පවසති. අක්කර දහස් ගණනක වෙල් යායකින් සමන්විත උඩවෙල කිඹුලාඇල ගොවි සංවිධානයේ ගොවි පිරිස් මේ හේතුවෙන් ඉමහත් පීඩාවකට පත්ව සිටිති.
ඊ. එම්. ජි. ජි. තිලකරත්න බණ්ඩා මහතා -
මම ඩි 25 ඇල බෙදුම් ඇල ගොවි සංවිධානයේ පුද්ගලික ඉඩම් හිමියන්ගේ ඇල නියෝජිතයා වශයෙන් කටයුතු කරනවා. මේ ඇලේ ජලය අමාරුම කොටස තමයි මම වැඩකරන්නේ. මේ කොටසේ යල කන්නය කොහෙමෙටවත් වැඩ කරන්න බෑ. මහ කන්නයේත් නියමිත කාලයට වර්ෂාව නොලැබුන හොත් පීදෙන කිරිවදින ගොයම මැරි යනවා.
ගොවියන්ට මාස් කන්නයේ වගා කරන අවස්ථාවේ නියගයක් ආවොත් අවසානයේ ගොයම බේරාගන්න පුලුවන් වෙන මට්ටමට ජලය ටිකක් ලබා ගැනිමට හැකිවෙන ආකාරයට ඇල සංවර්ධනය කරලා ජලය ලබා දෙන්න කියලා තමයි අපි ඉල්ලා සිටින්නේ.
මීගහකිවුල එන් කේ නිශ්ශංක


