ජල මූලාශවල ජලමට්ටම ඉහළ යෑම නිසා ජලවිදුලි නිෂ්පාදනය අද (19දා) දින වන විට 76% ක් දක්වා ඉහළ ගොස් තිබෙන බව විදුලිබල මණ්ඩලය සඳහන් කරයි.
මේ අනුව මහා පරිමාණ ජලමූලාශ්ර උපයෝගි කරගෙන සමස්ත විදුලි අවශ්‍යතාවෙන් 63.69% ක් නිෂ්පාදනය කරන අතර කුඩා ජලවිදුලිබලාගාරවලින් 12.31%ක විදුලි නිෂ්පාදනයක් සිදු කෙරේ.
පවතින වැසි තත්වය නිසා ජලවිදුලි බලාගාර ආශ්රිත ජලාශවල ජලමට්ටම පොදුවේ මේ වන විට 78% ඉක්මා ගොස් තිබෙන අතර මේ අනුව සමස්ත විදුලි අව්යශතාවෙන් වැඩි කොටසක් ජලය උපයෝගිකරගෙන සිදුකරනු ලබයි.
තාපබලාගාරවලින් 16.83% ක්ද, අනෙකුත් පුනර්ජනනිය බලශක්ති ක්‍රම මගින් ඉතිරි විදුලි ප්‍රමාණයද නිෂ්පාදනය කර ගන්නා බව විදුලිබල මණ්ඩලය සඳහන් කරයි.
ඊයේ උදේ 6.00 අවසන් වූ පැය 24 සැලකීමෙහිදී විදුලි ඉල්ලුම ගිගාවොට් පැය 39.56 ක් වී තිබෙන අතර මේ වන විට සතියේ වැඩකරන දිනක විදුලි ඉල්ලුම ගිගාවොට් පැය 40-42 ක අගයක් ගන්නා බවද පෙන්වා දෙයි.
විදුලි බලාගාර ආශ්රිත ජලමූලාශ්‍රවල ජලමට්ටම් ඉහළ යාම සැලකිල්ලට ගෙන ගෙන තාප විදුලි බලාගාරවල නිෂ්පාදන කටයුතු අඩු කර ජල විදුලිය නිෂ්පාදනය ඉහළ දමන බවත්, මෙම ක්‍රමය හරහා ඉන්ධන සඳහා වියදම් වන මුදල අඩු කරගැනීමේ අවස්ථාව හිමි වී තිබෙන බවත් විදුලිබල මණ්ඩලය පෙන්වා දෙයි.