නිරිත දිග මෝසම ක්රියාත්මක වීමත්, ජලාශවල ජල මට්ටම ඉහළ යාමත් සමගින් ශ්රී ලංකාවේ ජල විදුලි නිශ්පාදනය ඉහළ ගොස් තිබේ. අගෝස්තු 02 දා දිනයේදී ශ්රී ලංකාවේ සමස්ත විදුලි ජනනයෙන් සියයට 57.17ක් ජල විදුලිය හරහා උත්පාසනය කර තිබේ.
ලංකා විදුලි බල මණ්ඩලය හරහා මෙම ජල විදුලිය උත්පාදනය කර ඇති අතර ගල් අඟුරුවලින් සියයට 30.69ක විදුලියක් උත්පාදනය කර තිබේ.
අගෝස්තු 02 දා තාප විදුලි නිශ්පාදනය සියයට 2.20ක් වූ අතර සුළං බලයෙන් විදුලිය නිශ්පාදනය සියයට 3.42ක් විය.
මිට අමතරව පෞද්ගලික අංශය හරහා අගෝස්තු 02 දා සූර්ය හා සුළං බලයෙන් පිළිවෙළින් සියයට 0.44ක් හා 6.10ක් ලෙස විදුලිය නිපදවා තිබුණි.