මේ වන විට බොහෝ දෙනෙකුගේ අවධානයට ලක්ව ඇති ජල විදින යන්ත්‍රය ශ්‍රි ලංකාවට ගෙන්වූයේ පොලිස් විශේෂ කාර්ය බළකාය හරහා සාම සාධක හමුදාවන්හි සේවයේ යෙදවීමට බවත් ඒසේ සේවයේ යෙදවීම හරහා ඒම ජල විදින යන්ත්‍රයට ඒක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් වසරකට ඩොලර් 22000ක් ගෙවන බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නිහාල් තල්දූව මහතා ප්‍රකාශ කරයි.
මෙම රථය ඇනවුම් කළේ පසුගිය වසරේදී බවත් ඒය පෙරේදා දිනයේදී කොළඹ පිහිටි පොලිස් විශේෂ කාර්ය බළකා මූලස්ථානය වෙත ගෙන ආ බවත් ඔහු පැවැසීය. ඒක්සත් ජාතීන්ගේ සාම සාධක හමුදා සඳහා ඉදිරියේදී පොලිස් විශේෂ කාර්ය බළකායේ 200ක් පමණ ඒක්වීමට නියමිත බවත් ඔහු පැවැසීය.
පොලිස් විශේෂ කාර්ය බළකාය මේ සඳහා ඒක්වෙන්නේ පළමු අවස්ථාවට බවත් නිලධාරීන් සේවයේ යෙදවීම වෙනුවෙන් වසරකට ඇමෙරිකානු ඩොලර් මිලියන 3.5ක විදේශ විනිමයක් ලැබෙන බවත් ඔහු පැවැසීය.
සාම සාධක හමුදා වෙනුවෙන් සේවයේ යොදවන වාහන, උපකරණ හා මිනිසුන් වෙනුවෙන් ගෙවීම් කරන බවද මාධ්‍ය ප්‍රකාශකවරයා පැවැසිය.
ශ්‍රි ලංකා පොලීසිය භාවිත කරන ජල විදින වාහනය නිල් පැහැති ඒ්වා බවත් ගෙන්වා ඇති වාහනය සුදු පැහැතිවීම මගින්ද එය සාම සාධක හමුදා රාජකාරී සඳහා යොදවන බවට පැහැදිලි වන බවත් ඔහු වැඩිදුරටත් පැවැසීය.
