ජල නිෂ්පාදන පිරිවැය අවම කිරීමට අවධානය යොමුකර
ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය විසින් පසුගිය වර්ෂවල ජල නිෂ්පාදන පිරිවැය අවම කරගැනිමට ගතහැකි ක්‍රියාමාර්ග පිළිබද අවධානය යොමුනොකර ජල බිල්පත පමණක් වැඩිකිරිමට කටයුතුකර ඇති බැව් ජාතික විගණන කාර්යාලය මගින් සිදුකරණු ලැබු විශේෂ විගණනයකදි අනාවරණය වි ඇත.
තෝරාගත් ජලපාරිභෝගික කාණ්ඩවලට අසාමාන්‍ය ලෙස ජලබිල්පත් වැඩිකිරිමේ ක්‍රමවේදය වෙනුවට සාධාරණ පදනමක්මත ජලබිල්පත් සකස්කරණ ක්‍රම වේදයක් සකස් කළයුතුව ඇති බවද විගණනය මගින් නිර්දේශකොට ඇත. එමෙන්ම අමාත්‍ය මණ්ඩලය විසින් 2024 වර්ෂයේ දි අනුමත කරණු ලැබු අනුමත ජලගාස්තු ප්‍රතිපත්තිය හා සුත්‍රය උපයෝගි කරගනිමින් විනිවිදභාවයකින් යුතුව නියමිත කාලසිමාව තුල ජල ගාස්තු සමාලෝචනය කිරිමට පියවරගතයුතු බවට විගණනය මගින් නිර්දේශකොට ඇත.
පසුගිය වර්ෂවල දිගින් දිගටම ජල සම්පාදන මණ්ඩලයට වු මෙහෙයුම් අලාභයන් වලක්වා ගැනිමට හා ණය ගෙවිම් ආවරණය කරගැනිම සදහා ජල බිල්පත වැඩිකිරිම තෝරාගෙන ඇති බවද මෙම විශේෂ විගණන වාර්තාව මගින් අනාවරණය කොට ඇත.2022 හා 2023 යන යන වසරවලදි සිදුකරණු ලැබු ජලගාස්තු සංශෝධන මගින් ගෘහස්ථ පාරිභෝගික කාණ්ඩයේ වැඩිම පාරිභෝගිකයින් සංඛ්‍යාවක් නියෝජනය කරණු ලබන පාරිභෝගික කණ්ඩායම්වල ජල බිල්පත් 2012 වර්ෂයේ පැවති වටිනාකමට සාපේක්ෂව සියයට 70 කින් සහ සියයට 100කින් ඉහළ නංවා තිබුණි. මණ්ඩලයේ සේවක පිරිවැය ජලබිලපත් කෙරෙහි සෘජු බලපෑමක් සිදුකරණු ලබන අතර එය මෙහෙයුම් පිරිවැයෙන් සියයට 36ක් බවද විගණනය මගින් අනාවරණය කොට ඇත.
ජල ව්‍යාපෘති ප්‍රමාදවිම මත ජල සැපයුම් ඉලක්කගත කාලය තුල සිදුකරගත නොහැකිවිම, එම නිසා ඉලක්කගත ආදායම අහිමිවිම, ව්‍යාපෘති පිරිවැය ඉහළයාම, බලශක්ති පිරිවැය අවම කිරිමේ ව්‍යාපෘති ප්රමාදවිමද ජලබිල්පත වැඩිවිම සදහා හේතුවි තිබුණි.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
