ජල නලයක් පිපිරියාමෙන් අම්බලන්ගොඩට ජල සැපයුම නවති
අම්බලන්ගොඩ නගරය සමීපයේ ඇති ප්රධාන මාර්ගයක් වන පීරිස් වෙද මාවතේ ජල නලයක් අද (10 ) අලුයම් කාලයේ පිපිරීයාමෙන් එම මාවත වසා දැමීමට අදාළ බලධාරීහු පියවර ගත්හ.
මේ ජල නලය පිපිරීයාමත් සමගම අම්බලන්ගොඩ නගරයට ජල සැපයුම අද (10 ) උදැසන සිට ඇණ සිටි අතර මේ නිසා නගරවාසීන්ට දැඩි දුෂකරතාවන් රැසකටම මුහුණ දීමට සිදුවූහ.
පිපිරී ගිය ජල නලයෙන් පිටාර ගැලු ජලයෙන් ඒ ආසන්නයේ පිහිටි නිවසක්ද ජලයෙන් යටවුණි.
ජල නලය පිපිරීමත් සමගම පීරිස් වෙද මාවත වසා දැමීම නිසා එම මාර්ගය ප්රයෝජනයට ගන්නා අම්බලන්ගොඩ නගරයේ පාසල්වලට පැමිණෙන සිසුන් ඇතුළු මගීන්ට දැඩි දුෂ්කරතාවන් රැසකටම මුහුණ දීමට සිදුවුණි.
මෙය වසරක් ඇතුලත මේ මාවතේ ජල නල පිපිරු තුන් වැනි අවස්ථාව බව ප්රදේශවාසීහු කියති.
මේ ජල නලය පිපිරීයාමත් සමගම ජල සම්පාදන හා ජල පවාහන මණ්ඩලයේ අම්බලන්ගොඩ කාර්යාලයේ නිලධාරීන් පැමිණ එය ප්රතිසංස්කරණය කිරීමට පියවරගෙන තිබුණි.

popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.

