ජල පාරිභෝගිකයින් විසින් ජාතික ජලසම්පාදන හා ජලාපවාහන මණ්ඩලයට කෝටි 750 ක පමණ මුදලක් ගෙවීම පැහැර හැර ඇති බවට වාර්තා වේ.
ජලසම්පාදන ප්රධානීන් සහ ජනාධිපතිවරයා අතර පැවති සාකච්ඡාවකදී මෙම තොරතුරු අනාවරණය කෙරුණි.
වාණිජ ආයතන රාජ්ය ආයතන සහ පාසල් ද ජල බිල ගෙවීම පැහැර හැර ඇති කාණ්ඩයට අයත් වේ.