විදේශ යුවලකට සෙල්ෆි ඡායාරූපයක් ලබා ගැනීම සඳහා බලකරමින් විදේශ ජාතික කාන්තාව අපයෝජනයට ලක්කළ බව කියන සිද්ධියක් සම්බන්ධයෙන් තරුණයින් තිදෙනෙකු මහනුවර සංචාරක පොලිස් ඒකකය මගින් අද (24දා) සැකපිට අත්අඩංගුවට ගනු ලැබීය.
ලෝවටා සංචාරයක නිරත මෙම යුවළේ ජර්මන් ජතික තරුණියට අත්අඩංගුවට ගෙන සිටින තරුණයින් පසුගිය 06 වැනි දින අතින් අල්ලා සෙල්ෆි ඡායාරූපයක් ලබා ගැනීමට බලකර තිබෙන බව පොලිස් පරීක්ෂණ මගින් අනාවරණය වී ඇත.
මේ සම්බන්ධව අදාළ දර්ශන මෙම යුවළ විදේශ ගතවීමෙන් පසු යූ ටියුබ් ඔස්සේ සමාජගත කර තිබෙන අතර එම දර්ශන ඔස්සේ පරීක්ෂණ පැවැත්වූ පොලීසිය සිද්ධියට සම්බන්ධ තරුණයින් තිදෙනා අත්අඩංගුවට ගෙන තිබේ.
මෙම තරුණයින් කටුගස්තොට හා මැදවල ප්රදේශවල පදංචිකරුවෝ වෙති. සිද්ධිය සම්බන්ධවෙන් සංචාරක පොලිස් ඒකකය පරීක්ෂණ පවත්වයි.
