ජය ශ්රී සංගීත කණ්ඩායම ගායනා කරන ගීත විස්සක් ගායනා කිරීම, ප්රචාරය කිරීම හා අන්තර්ජාලය තුළ පළකිරීම තහනම් කරමින් කොළඹ වාණිජ මහාධිකරණය නිකුත් කර තිබූ වාරණ නියෝගය අද ඉවත් කරනු ලැබීය.
ජය ශ්රී සංගීත කණ්ඩායමේ හිටපු සාමාජිකයෙකු වූ අරුණ ලියන් විසින් මෙම නඩුව ගොනු කර තිබුණි. නඩුව අද කැඳවූ අවස්තාවේදී විත්තිය වෙනුවෙන් පෙනී සිටි නීතිඥයින් ඉදිරිපත් කළ කරුණු සැලකිල්ලට ගනිමින් වාණිජ මහාධිකරණය එම වාරණ නියෝගය ඉවත් කරනු ලැබීය.