ජ්‍යෙෂ්ඨතාවය මතම උසස්වීම් දීම වැරදියි - විජිත
ජ්‍යෙෂ්ඨත්වය මත පමණක්ම උසස්වීම් ලබාදීම වැරදි බව ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් මහතා සඳහන් කළේය.
ව්‍යවස්ථාදායක සභාව පිළිබඳව පාර්ලිමේන්තු කල් තැබීමේ විවාදයට අද (21දා) එක්වෙමින් ඔහු මේ බව සඳහන් කළේය.
ඒසේම ව්‍යවස්ථාදායක සභාව පත්වීම් සිදුකිරීමේ නිර්දේශ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ දැන ගැනීම සඳහා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ යුතු බවත් ඔහු සඳහන් කළේය.
ව්‍යවස්ථාදායක සභාව පිළිබඳව පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.බී. දිසානායක මහතා කළ ප්‍රකාශයකින් අධිකරණයට අපහාසයක් වී ඇති බවත් ඔහු සඳහන් කළේය.

popular news
-
Champa Thursday, 21 February 2019 05:56 PM
දේශපාලකයන්ගේ අතකොලු බවට පත් වෙලා තියෙන රාජ්‍ය සේවයේ සියලු උසස්වීම් දෙන්න ඕනේ ජ්‍යෙෂ්ඨත්වය අනුව විතරයි. ඒ මොකොද රාජ්‍ය සේවය ඉහල පන්තියට එන්නේ නිකම් නෙමෙයි කඩ ඉම් විභාග සමත් වෙලා. ඒක තමයි පරිපාලන සේවය ඉන්න නිලධාරීන්ගේ සේවා හැකියාව මනින මිම්ම. විනිසුරුවන්ට විභාග තියෙනවද මං දන්නේ නැහැ. දක්ෂතාවය මනින මිම්ම මොකක්ද? දේශපාලනයන්ට කීකරු වීමද? දේශපාලකයන්ට එරෙහි වුනොත් අදක්ෂද? හොඳට තිබ්බ රාජ්‍ය සේවයත් විනාශ කරන්න යන්නේ. කිසිම් දේශපාලකයෙකුට රාජ්‍ය සේවයට ඇඟිලි ගහන්න බැරි වෙන්න රාජ්‍ය සේවයේ උසස්වීම ජ්‍යෙෂ්ඨත්වය අනුව පමණයි කියලා මේක ව්‍යවස්ථාවට ඇතුළු කරන්න ඕනේ.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

