සිර දඩුවම් නියම වූ භික්ෂූන්වහන්සේලා තවත් 63ක් බන්ධනාගාර ආඥා පනත අනුව සුදුසු ඇඳුම් (ජම්පර) ලබාදී ඇති බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවැසිය.
කැබිනට් තිරණ දැනුම් දීමේ මාධ්‍ය සාකච්ඡාවට එක්වෙමින් අමාත්‍යවරයා පැවැසුවේ බරපතල වැඩ සහිත සිර දඩුවම් නියම වූ අයෙක්ට බන්ධනාගාර ආඥා පනත අනුව කටයුතු කළ යුතුව ඇති බවයි.
එම නීති ප්‍රකාරව ගලගොඩඅත්තේ ඥානසාර හිමිටත් කටයුතු කර ඇති බවත් කිසියම් වූ විශේෂයක් කර නොමැති බවද අමාත්‍යවරයා කීය.