ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය මගින් කුලී පදනම මත මහරගම කටුවාවල ප්‍රදේශයේ පවත්වාගෙන යන ශිෂ්‍ය නේවාසිකාගාරයක බිම් මහලේ ශිෂ්‍යයෙකු සැකකටයුතු ලෙස එල්ලී මියගොස් ඇතැයි මහරගම පොලිසිය කියයි.
මෙලෙස මියගොස් ඇත්තේ ඉංජිනේරු පීඨයේ තුන් වන වසරේ ඉගෙනුම ලබන යාපනය කයිට්ස් ,නාරාතනායි පදිංචිව සිටි විග්නේෂ්වරන් අභිනෙජන් නැමැති 23 හැවිරිදි සිසුවා යි.
එම නේවාසිකාගාරය තුළ සිසුන් 64 දෙනෙකු නේවාසිකව සිටින අතර මියගිය සිසුවා දෙමහල් ගොඩනැගිල්ලේ බිම්මහලේ එළිමහන් මිදුලේ කොන්ක්‍රීට් බාල්ක අතර ලණුවකින් එල්ලී සිටින අයුරු සිසුවකු අලුයම 6 ට පමණ දැක තිබූ බව පොලිසිය කියයි.
වහා ක්‍රියාත්මක වු ඔහුන් ලණුව කපා පරික්ෂා කිරීමේදී සිසුවා මිය ගොස් ඇති බවට තහවුරු වී තිබූ බව පොලිසිය කියයි.
මෙම හදිසි මරණය සම්බන්ධයෙන් මියගිය සිසුවාගේ පවුලේ ඥාතීන් සැකයක් තිබෙන බවට පැවසීමෙන් අනතුරුව මහේස්ත්‍රාත් පරීක්ෂණයක් පැවැත්වීමට කටයුතු කල බව පොලිසිය කියයි.
මහරගම පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ජි ටි රාජපක්ෂ මහතාගේ උපදෙස් මත පරීක්ෂණ පැවැත්වේ.
