අග්රාමාත්ය රනිල් වික්රමසිංහ මහතා ජපානයේ හිටපු අග්රාමාත්ය ෂින්ෂෝ අබේ මහතාගේ අභාවය වෙනුවෙන් මෙරට ජපාන තානාපති කාර්යාලයට පැමිණ අද (12දා) සටහනක් තබා ශෝකය පළ කළේය.
ශ්රී ලංකාවේ ජපාන තානාපති හිඩෙආකි මිසුකෝෂි මහතාද මේ අවස්ථාවට සහභාගි විය.
ජපානයේ හිටපු අග්රාමාත්යවරයා ජපානයේ නාරා හි දේශපාලන කටයුත්තක නිරත වෙමින් සිටියදී එල්ල වූ වෙඩි ප්රහාරයකින් පසුගිය 8දා ජීවිතක්ෂයට පත්විය.
